6.15.2011

දණ ගහල වදින්නං අයියෙ, අපේ ගෙට් එකටත් එන්නකො


මේ හොරණ මගුල දවසෙ වෙච්ච තවත් සිද්ධියක්. කොච්චර දාගෙන හිටියත්, චේන් එක වීල් එකේ දුවන නිසා, ටක් ගාල දාගත්ත මීටරේට.

එදා සිංදු කියන්න ඇවිත් හිටපු සංගීත කණ්ඩායම ‘ෆ්ලෑෂ් බෑක්‘. අර රෝෂාන් ප්‍රනාන්දු සිංදු කියන්නෙ. අන්න ඒක. අපි යනකොටත් වැඩේ නැගලම යනව. අපි ගිහිං එහෙ මෙහෙ වෙලා, ස්ටේජ් එක ඉස්සරහට ආපු ගමන් එදිරිතුමා මෙහෙම කතාවක් කීව. “අපි කොහොම හරි ගෙට් එකට මුංව ගෙන්නන්න ඕනෙ“. මෙතන හිටිය තවත් පොරක්. ඉතිං අපි කියන්නෙ මොනවද කියල එහෙම එකිනෙකාට ලොකුවට තේරුණේ නැතත්, මාරම ප්ලෑන් එකක් ගැහුව ෆ්ලෑෂ් බෑක් වැලිවිට කැම්පස් එකේ ගෙට් එකට ගෙන්නන්න.

පාර්ටිය ඉවර උනා. අපිත් දැන් එහෙ මෙහෙ විසි වෙවී, යන එනමං නැතුව වාත වෙවී හිටියෙ ආපහු බෝඩිං වලට එන්න තදියමේ. අපි වෑන් එකට නැගල - අපිත් එක්ක ගිය උන් ටික ගණන් කරන්න පටන් ගත්ත.

“දෙන්නෙක් අඩුයි“ සිහියෙන් හිටපු එකෙක් කියපි.

“කවුද දෙන්න“ කවුදෝ අහනව මම අහගෙන.

“එදිරිතුමයි අනිකයි“ ගැනපු හාදය කීව.

එදිරිතුමයි අනිකයි හොයන්න දෙන්නත් එක්කල ජෝඩු දාල මමයි තවඑකෙකුයි ගියා. ගියා නෙවෙයි ඇත්තටම යැවුණ. අපි යනකොට එදිරිතුමා ඉන්නව ග්‍රෑප් එකට සෙට් කරල තිබ්බ හට් එකේ. එදිරිතුමා පේන්න හිටියත්, අනික පේන්න නෑ. අපි දෙන්නත් එක්ක කිට්ටු කරපි හට් එකට.

හත්තිලව්වයි. මෙන්න ආශ්චර්යක්.! අනික රොෂාන්ගෙ කකුල් දෙක අල්ලගෙන දණ ගහගෙන වැදගෙන වැලපෙනව. එදිරිතුමා අටට නැවිල ‘ආයාචනා ලීලාවෙන්‘. අනික වැදගෙන වැලපෙනව. රෝෂාන් ඇඹරෙනව. 

තවත් ටිකක් කිට්ටු කළා. අනික කියන ඒව ටික ටික ඇහෙනව.

“අනේ අයියෙ වැදල කියන්නෙ අයියෙ, කොහොම හරි අපේ ගෙට් එකට එන්න අයියෙ. ඉල්ලන ඕනෙ දෙයක් දෙන්නම් අයියෙ. මටත් ආසයි අයියෙ-අයියත් එක්ක සිංදුවක් කියන්ඩ. මමත් හොද සිංදු කාරයෙක් තමයි. අනික අපි ඔක්කොම එක සේස්තරේනෙ අයියෙ“ අනික කියාපි.

මේ කතාව බොරුවක්නම් - බෙන්තර ගග උතුරන්න වහිනව හත් දවසක් ඔන්න.


3 comments:

  1. patta... ape ediri thumatai.. gayaka mahaththayatai deviyangema pihitai... :D

    ReplyDelete
  2. අනිවා අනිවා ඔය වෙලාවේ ඔය ලගම මමත් ඉදියා කථාව නම් සහතික ඇත්ත.....

    ReplyDelete
  3. අනේ මන්ද ..... මොනවා උනත් එදිරි තුමා කල ඒවට පැත්තක ඉන්න අහිංසකයෝ අල්ල ගන්න එකයි කැත

    ReplyDelete