6.14.2011

වේරලියද්දට සෘතිය අල්ලා දුන් ‘ගායකයාණෝ‘

සැලකිය යුතුයි - මෙම ඡායාරූපය සහ පහත කතාව සමග කිසිදු සම්බන්ධයක් නැත. පිටුව ලස්සන කිරීම පිණිස පමණක් මෙය යොදාගෙන ඇත. 


අපි කට්ටියම මේ සතියේ අගහරුවාද ගියා හෝරණට නුදුරු බුලත්සිංහල මගුලකට. අන්න මගුල්! අපි කට්ටිය එහෙට යනකොට රෑ අටත් පහු වෙලා. කට්ටියම ලග නැමුව. වැඩ කරන්න පටන් ගත්තෙ ඔන් ද ස්පොට්. කොහොමෙන් කොහොමෙන් හරි, අපි ගියා සිංදු කියන තැනට නටන්න. (දගලන්න තමයි ඇත්තටම අපි ගියෙ). ප්ලෑෂ් බෑග් තමයි ග්‍රෘප් එක. සිංදු කියන්න ඇවිත් හිටිය වේරෙ එහෙමත්. කතාව පටන් ගන්නෙ එතනින් ඔන්න.

වේරෙත් එක පාරක් සිංදු කියල, කොහාටදෝ මුල්ලකට ගිහිං ලැපට් කරගෙන ආයෙත් ස්ටේජ් එක ගාවට ආව. වේරෙ එනකොට එතන කවුරුත් හිටියෙ නෑ. වේරෙ පුටුව තියල ඉද ගත්ත. මෙන්න බොලේ අපි දන්න කියන එකෙක් දුවගෙන ගිහිං වේරෙ ගාවින් පුටුවක් තියල ඉද ගත්ති. බලද්දි අපි ‘ගායකයා‘නෙ.

ගායකයා ඉස්සරලම  වේරෙට ගෑවී නොගෑවී පුටව තියාගෙන ඉද ගත්ත. ඊට පස්සෙ දෙන්නත් එක්ක මූණීන් මූණ බලාගෙන ඇස් වලින් කතා කලා. පස්සෙ දෙන්න හිණා වුණා. මෙහෙම ඉගි කර කර ඉන්නකොට වේරෙ ගායකයාත් එක්ක කතා කරන්න පටන් ගත්ත.

“සීතලයි නේද මලෙ“ වේරෙ ඇහුව.

“ඇ අයිය එහෙම කියන්නෙ, මේ හොරණනෙ“ ගැයකයා කියාපි.

“නෑ මල්ලි - මම ගියන එක මල්ලිට තේරෙන්නෙ නෑ සුදු මල්ලියෙ“ මෙන්න වේරෙ කියාපි.

“තේරෙන්න කියන්නකො සුදු අයියෙ“ අපේ ගායකයා කියාපි.

“මෙතන බෑ මල්ලි තොරෙන්න කියා දෙන්න. මල්ලිට සෘතිය අල්ලන්න කියල දෙන්න - යමුද මගෙ කාර් එක පැත්තෙ“ වේරෙ අහපි.

“නෑ. අයිය. සෘතිය අල්ලන හැටි මම දන්නව. මම ඕනෙනම් අයියට කියල දෙන්නම්.“ ගැයකයා කියාපි.

“මොනව - උඹ මට සෘතිය අල්ලල දෙන්න - යකෝ උඹ ද ගායකයා මම ද ගායකය“ ඔන්න ඒ පාර වේරෙ ට මල පැන්න.

දැන් ඉතිං කොරල හමාරයිනෙ. අපේ ගායකය ටක් ගාල වේරෙ ව සංසිදවන්න හිතාගෙන මෙහෙම කියාපි. “අනේ නෑ දෙයියො - මම ඉතිං කීවෙ මේ සෘතිය අල්ලන්න මමත් ටිකක් දන්නව කියල වතරනෙ“. එහෙම කියපු ගායකයා මෙන්න බලනකොට වේරෙගෙ මූණ අතගානව. ඇග අතගානව. තව ටිකක් වෙලා යනකොට මොනවැන් මොනව වෙයි ද කියල හිතාගන්න බැරි හින් ද එදිරිතුමා ටක් ගාල මැදිහත් වුණා. ගායකයව පැත්තකට ඇදගෙන ආව.

ගායකය යන දිහා බලාගෙන වේරෙ මෙහෙම කවුවලු කියලයි ආරංචිය. “අනේ - අර යකා මොන අපරාධයක් ද මේ කරේ. සෘතිය අල්ලගන්න තව ටිකයි තිබ්බෙ. චාන්ස් එක මිස් උණානෙ.“


ඇහින් දැකපුව හරිද ?

7 comments:

  1. හරියටම හරි.... :D

    ReplyDelete
  2. අපි ද දනී............ දන්නෝ දනි තී..........

    ReplyDelete
  3. me inne M++++++++++++++++++ ne

    ReplyDelete
  4. අයියෝ සල්ලී.....මේවා ඇහුවම ඇඩෙනවා නේ...

    ReplyDelete
  5. monawa unath katha wada mewa :((((((((((

    ReplyDelete
  6. මේක කියපු එකා කොහෙද දන්නේ නැ කට අල්ලාගෙන එවෙලාවේ හිටියේ .... මෙඔක්කොම අහගන්න තරම්

    ReplyDelete
  7. Hiriwatenawa oi.. IT korana ekekda...?

    ReplyDelete