7.22.2011

ඇයි මේක ඡන්ද පොළක්ද

ඒ පළාත් පාලන ඡන්ද දවසට කළිං දවස. රාවයක් ගියා, ඡන්දෙ දවසේ වැලිවිට ලෙක්චර්ස් නෑ කියල. මේ කතාව ආරංචි උණාම - රුපියල් විස්සෙ කූරක නමක් තියන පොරකුයි, දොරටුපාල වගේ නමක් තියන පොරකුයි ගියා ඇඩ්මින් එකට.

“අක්කෙ හෙට ලෙක්චර්ස් තියනව ද“ මුන් දෙන්න අහපි

“ඇයි එහෙම අහන්නෙ“ අක්කල ඇහුව

“නෑ හෙට ඡන්දෙනෙ“ අරුන් දෙන්න ආයෙත් කියාපි

“ඇයි මේක ඡන්ද පොළක් කියල හිතුවද“ අක්කල කියපි

අරුන් දෙන්න ඌර්ධවපාතනය උණා කියල තමයි ආරංචිය

7.15.2011

කොට්ටකිලංගු

කොන්ඩෙ ගාණටම රැවුල තියන හාදයෙක්. මා ඔය ඉහත්තාවෙ තමයි ගෙදර තියෙන්නෙ.

දවසක්ද එකෙක් කීව, “අපි හේලෝ ගහන වෙලාවට මචං - උතුරු පැත්තෙ ගම් වල නම් ටිකක් දාගමු.“ කියල.

ඊට පස්සෙ ඒ කියපු හාදයම කීව, “ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩුඉරිප්පු, වෙල්ලමුල්ලි වයික්කාල් වගේ ඒව...“ කියල.

මෙන්න මේ වෙලාවෙ, අර හාදයා කියාපි, “ඇයි, කොට්ටකිලංගු“ කියල.

පිරිස භ්‍රාන්ත විය. භූගෝල විඥානය විකෘති විය. පියවි සිහියට එන විට, බොහෝ දෙනෙක් තම අතැති ප්ලාස්මා ග්‍රෙෙන්ඩ් පුපුරුවාගෙන ‘කොමිටල් සුයිසයිඩ්‘ කරගෙන තිබිණි.


7.12.2011

University of Weliwita Handiya - Theme Song

උදේ පාන්දර Lectures යනකොට
එක පිට එක Project දානකොට
Lectures යනකොට පෙරහැර ඉවරයි
එතකොට ඔක්කොට Sunrich පදිනව
ඔක්කොම අතහැර පොදු වැඩ කරනව...

Username ගැහුවා - Password දුන්නා
Facebook Log උණා - Minimize කෙරුවා
Pen ගැහුවා - Extract කෙරුවා
Rename කෙරුවා - Halo ගැහුවා
Flag එක ගන්නට මානම බැලුවා - Admin ඇවිදින් ඔත්තුව බැලුවා...

Exam කට උඩ - කුප්පිය සරණා
අනිතම මොහොතෙදි Medical දැම්මා
Repeat ලීවම - Re-repeat වෙනවා
Pro-Rata දැම්මා - Batch miss වෙනවා
Degreeයෙ හීනය - සසරට බැදුණා...

කර්තෘ අඥාතයි

7.07.2011

මාලිගාවට ගොඩවෙන තැන සෙරෙප්පු ගැලෙව්ව...

කොළඹ 7 ට නුදුරු කොට්ටාවේ හාදයෙක්. දවසක් අපිත් එක්ක නුවර ගියා. මාලිගාව වන්දවලා - වැල්බෝධිව වටේ එක්කං ගිහිං බෝධියට පැන් වක්කරවල එළියට එක්කං ආව.

ඊලගට අපි ගියෙ “කැන්ඩි සිටි සෙන්ටර්“ එකට.

සිටි සෙන්ටර් එක ඇතුළට ගිහිං අපි කට්ටියම ටික දුරක් ඇවිදගෙන ගියා. මෙහෙම යනකොට අපේ එකෙක් දැක්ක, අර කොට්ටාවෙ හාදයගෙ කකුල් දෙකේ තිබ්බ සෙරෙප්පු දෙක නැති බව.

අපි හැමෝටම ඒක පෙන්නුවම, අපි ඔක්කොම නැවතුණා.

“කෝ බං උඹේ සෙරෙප්පු දෙක“ එකෙක් ඇහුව.

අර හාදය පුදුමෙන් වගේ අපේ කකුල් දිහා බලාගෙන හිටිය. ටික වෙලාවක් බලාගෙන හිටිය ඔහොම.

“කෝ යකෝ සෙරෙප්පු දෙක“ ආයෙත් පාරක් ඇහුව.

පුදුමෙන් වගේ අර හාදය උත්තර දුන්න - “මේ මාලිගාවට ගොඩ වෙන දොරල ලග ගැලෙව්ව“ කියාපි.

“මාලිගාවට ගොඩවෙන තැන?“ පුදුමෙන් වගේ එකෙක් ඇහුව.

“ඔව් - මේ මාලිගාවට ගොඩවෙන තැන ගැලෙව්ව - යනකොට දාගන්නව“.

දැනුයි කතාව තේරුණේ. මේ හාදයා හිතාගෙන ඉන්නෙ - සිටි සෙන්ටර් කියන්නෙ මාලිගාව කියල.

“යකෝ - මේක මාලිගාව නෙවෙයි - ෂොපින් කම්ප්ලෙක්ස් එකක්. ගොන් තැප්පය“ යකා නැගපු එකෙක් සැරෙන් කියාපි.

*************************************

දෙයියන්ප ඇත්ත කතාවක්. 
කොලඹ 7 ඉන්න ෂොපින් කම්ප්ලෙක්ස් දැකල නැති - කවුද දන්නවද මේ හාදය.

පුළුවන්නම් කියන්න.
එක්කං යනව සිංගප්පූරු සුමානෙකට....


7.05.2011

FAKE FAN හෙවත් FAKE චක්‍රවර්තී

මේ හාදයා වී පර්යේෂණායතනය පැත්තෙ ඉදල වැලිවිට ආපු හාදයෙක්. ටිකක් මහතයි. ටිකක් නොවයි හරිම තඩියි. හැබැයි මහතට සරිලන උසක් නම් නෑ. මිනිහා කොට හාදයෙක්. ඕනෙ මිනිහෙක් එක්ක හිනා වෙන හරිම හොද හාදයෙක්. ඒ විතරක් නෙවෙයි - සන් රිච් එකට යන එන චේන් ***king කරන කීප දෙනාගෙනුත් එකෙක්.

මේ හාදයට fake profiles නම් පෙන්නන්න බෑ. (ඒ profiles දැක්කම ඕනෙ මිනිහෙක්ට හිතෙනව fake profile එකක් කියල) විශේෂෙන්ම ගෑණු ළමයි ඉන්න ඒව. ටක් ගාල දානව රික්වෙස්ට් එකක්. ඊට පස්සෙ ඉන්නව ඉතිං චැට් කර කර.

දන්නවද වැඩක්. වැලිවිට කොල්ලො කියනවලු මෙහෙම කතාවක්.

“මචං අපි නම් fake profile එකක් ද කියල හොයා ගන්නෙ, Mutual Friends ගෙන්. ඒකෙ ඉන්න එකම  Mutual Friends (අර හාදය) නම් ශුවර් කටම  fake ලානක් තමයි“

කවුද මේ හාදය. පුළුවන්නම් කියන්න.

7.01.2011

Card එකක් තියනව - මල් කොටා

අපේ යාළුවෙක් පහුගිය දවසක දීර්ඝ කාලීන කැස්සකට බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් හම්බෙන්න ගියා. මෙයා ගොඩක් කල් ඉදල බෙහෙත් ගන්න කෙනෙක්.

“කොච්චර කල් බදලද බෙහෙත් ගන්නෙ“ දොස්තර ඇහුව.

“මාස හයක් විතර“ අපේ යාළුව උත්තර දුන්න.

“කාඩ් එකක් තියනව ද“ දොස්තර ඇහුව.

මේ කතාව ඇහුවට පස්සෙ ටිකක් වෙලා අපේ යාළුව කල්පනා කරල තියනව. අපේ යාලුව දන්නෙ එක කාඩ් එකක් ගැන. “තියනව. මල් කොටා“

මේක ඇහුවට පස්සෙ දොස්තර භ්‍රාන්ත වී ගියේය.

“මම ඇහුවෙ කැම්පස් කාඩ් එක නෙවෙයි මල් කොටෝ - ක්ලිනික් ආපු කාඩ් එක ගැන“ කීවලු

6.24.2011

ආදරයේ නාමයෙන් - හැතැක්ම හකළිහක් - පා පැදියෙන්

වැව් බැදි රාජ්‍යයේ ඉදල වැලිවිට පැත්තට ආපු කෙනෙක්. ටිකක් මහතයි. තොප්පියක් එහෙමත් දාගෙන ඉන්නව දැකල තියනව.

කාලයක් මැදවච්චිය පැත්තෙ ගෑණු ළමිස්සියෙක් එක්ක මෙයාට ප්‍රේම සම්බන්ධයක් තිබ්බ ලු. ඉස්කෝලෙ නිවාඩු කාලෙ. ගෑණු ළමිස්සි ආයෙත් අනුරාධපුරේට එන්නෙ ඉස්කෝල නිවාඩුවෙන් පස්සෙ. ප්‍රේමයේ ගිණිදැල් බුර බුරා නගින්න පටන් ගත්ත අර හාදයට. ඉන්ට බැරි වුණා. හැබැයි, පෙම්වතිය හම්බෙන්න විදියකුත් නෑ. මේ හාදය දැඩි තීරණයකට එනව. ‘මොන ලෝකෙ හිටියත්  ගිහිං හම්බෙලා එනව‘ කියල ස්ථිර අධිශ්ඨානෙකට ආව. මෙයා පරණ පහේ ෆුට් සයිකලේකුත් හොයා ගත්ත. ගෙදර ඉදං ටවුමටත් පැදගෙන ආව. හැතැක්ම දෙක තුනක් උණාට හරිම මහන්සියි. හැබැයි උට්ඨාන වීරිය අත අරින්න මෙයා කැමති නෑ.

ටවුමෙදි තවත් බයිසිකලයක් තියාගෙන ඉන්න යාළුවෙක් හම්බුණා ලු. මේ හාදය අර හාදයට කියල තියෙන්නෙ ‘පොඩ්ඩක් වරෙන්කො මගෙත් එක්ක ලගට ගිහිං එන්න‘ කියල.

දෙන්නත් එක්ක පාගන්න පටන් ගත්තලු. දෙන්නත් එක්ක පාගපු දුර හැතැක්ම හතළිහක්. එඩ්‍රස් එකේ තියන තැනට ගියාලු. හැම තැනම හොයල තියනව දෙන්නත් එකක්. බැරිම තැන කඩේකින් අහල තියනව.

“මුදලාලි මේ එඩ්‍රස් එක හොයල දෙන්නකො“ හාදයා කීවලු.

මුදලාලි ටිකක් - කල්පනා කරල, පාර පෙන්නලා තියනව එඩ්‍රස් එකේ තිබ්බ තැනට.

ආයෙත් දෙන්නත් එක්ක පාගනව. වෙලාව හවස හරතට විතර ඇති. දෙන්න ගියා එඩ්‍රස් එකේ තියන තැනට.

“මැදවච්චිය අද-ගොලු-බිහිරි පාසල“ කියල තඩි අකුරින් ගහපු බොඩ් එකක්. 

දෙන්නම මානසිකව වැටුණ. අනේ පව්. දැන් අපේ හාදයා කල්පනා කරන්න පටන් ගත්තලු.

අන්තිමේට මෙච්චර වෙලා ඉවසගෙන හිටපු තරහ අර යාළු හාදය පිට කරා, “අද ගොළු බිහිරි නැත්තම් තොගෙත් එක්ක යාළු වෙයි ද යකෝ. යම ගෙදර“ දෙන්නත් එක්ක ආයෙත් මැදවච්චියෙ ඉදං අනුරාධපුරේට පාගනව. දෙන්නගෙම අතේ තියෙන්නෙ, අපේ යාලුව ගෙදරින් එන කොට පාන් රාත්තලක් ගේන්න දුන්න රුපියල් හතළිහ විතරයි. ඒ කියන්නේ විස්සෙ කොළ දෙකක්. ලගම තිබ්බ කඩේ ලගදි අතේ තිබ්බ පිච්චියත් ඉවරයි.

දෙන්නත් එක්කලා අනුරාධපුරේට ආව. මේ කතාව දන්න කියන දෙතුන් දෙනෙක්ට කීව. ගෙදර එනකොට පාන්දර තුනත් පහුවෙලාලු. කොහොමෙන් කොහොමෙන් හරි මේ කතාව ගෙවල් වලටත් ආරංචි වුණා. අර අපේ යාලුව තනියට එක්කං ගිය හාදය දැන් ඉන්නෙ, කොටිකාවත්ත පැත්තෙ ඉස්පිරිතාලෙක. අපේ යාලුව ඉන්න තැන කළින්ම කීවනෙ.


කතාව ඇත්ත. මේ කතාව ඔය හාදයා කීවෙ, සන්-රිච් එකේ දි. පිරිත් කොටු වල වහළ ගහන මනුස්සය සාක්කි. කතාව බොරුනම්, කලා වැවේ හැම දිය බිංදුවක්ම - “ගල්“ වෙන්න ඕනෙ...

6.23.2011

බදාදට කොහෙද අයියෙ Sunday Observer




මේ අපේ යාලුවෙකුට නුවරදි වෙච්ච වැඩක්. කතාව කීවෙ - මහවැලි ගග අසබඩ කොලීජියක හාදයෙක් ටෙලිපෝන් කරල. සිද්ධියට මුහුණ දුන්න කෙනා දැන් ඉන්නෙ වැලිවිට පාරෙ බෝඩිං වෙලා. අයි.ටී. කරන පොරක්. 

නුවර ගුඩ්ෂෙඩ් එකේ ඉදං පරණ පාරට නගින්න තියන පඩිපෙළ පටන් ගන්න තැන පත්තර කඩයක් තියනව. මේ කඩේ ඉන්නව අවුරුදු 16 ක විතර ළමිස්සියක්. (2009 වෙනකොට). ටිකක් හැඩයි. ඉස්කොලෙ යමින් හිටියෙ මහාමායා එකට.

අපේ යාළුව බදාද දවසක බයෝ රිවිෂන් ඉවර වෙලා විෂන් එකේ ඉදල ගුඩ් ෂෙඩ් එකට එනව. එන අතර වාරෙදි දැකල තියනව අර ලමිස්සි කඩේ ඉන්නව. ‘දෙතොල දෙපසින් රූරා වැටෙන ආදරයේ සාන්ද්‍ර පැණි‘ ටික ලේන්සුවෙන් පිහගත්ත හාදයා කිට්ටු කළා පත්තර කඩේට.

‘නංගි සන්ඩේ ඔබ්සවර් තියනව ද‘ ලොකු එකෙන් අහල තියනව. එතකොට පොඩි පහේ පොෂ් පාටකුත් තියනවනෙ. 

‘ගිය ඉරිද පත්තරේ තියෙන්නෙ අයියෙ‘ කියල නංගි උත්තර දුන්නලු.

අපේ යාළුව ඉන් නොනැවතී ආයෙ පාරක් මෙහෙම අහල තියනව, ‘ඉරිද එක නෙවෙයි නංගි, අද ආපු එක තියනව ද - මට ඒක තමයි ඕනෙ‘

නංගි පොඩ්ඩක් වෙලා මේ හාදයා දිහා බලාගෙන හිටිය ලු. නංගිගෙ චේන් පැනල. නංගි ටක් ගාල චේන් එක දාගන තියනව වීල් එකට. ඒ විතරක් නෙවෙයි, අපේ හාදය - රතු වෙලා, මූණ ත්‍රිකෝණ වෙලා. “තරු හතරැස් ලක්ෂයක්“ පේන්න කතාවක් කියල තියනව.

‘සන්ඩේ කියන්නෙ ඉරිදනෙ - ඒක ඉරිද පත්තරයක්නෙ - බදාදට කෙහෙද අයියෙ සන්ඩේ ඔබ්සවර් - අයියට ඕන්නම් - පොඩි අයට ඉංග්‍රීසි කියන පත්තරේ දෙන්නම්‘ නංගිගේ පරමාණුක අවි ප්‍රහාරයෙන් පස්සෙ - අපේ යාළුව එතනින් ඌර්ධවපාතනය වුණා ලු.


කතාව බොරුනම් - බෝගල පතලෙ මිනිරන් 
අන්තරස්දාන වෙනව සත්තයි...





6.19.2011

‘සංවිධායක ලීලාවෙන්‘ ධාතු වන්දනාවේ ගිහිං - අතේ මාට්ටු

මාලඹේ මහමෙව්නාවේ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කළහ. පොලිම් වල දිග මැනල බැලුවහම හිතෙනව වීස අරගෙන පාකිස්ථානෙට ගිහිං ධාතු වන්දනා කරන්න. ඒ වැඩේ හරියන්නෙ නෑනෙ. කොහොම හරි මාලඹේදි ධාතු වන්දනා කරන්න හිතා ගත්ත.

දන්න දහං ගැට දාල පෝලිම් පණින්න ට්‍රයි කාළාට වැඩේ ගොඩ දාගන්න අමාරු වුණා. ඊට පස්සේ අලුත් තියරියක් ඉම්ප්ලිමන්ට් කරන්න ට්‍රයි කළා. 

තියරියෙ නම - “සංවිධායක ලීලාව“

අසපුවෙ පෑල දොරෙන් අසපුවට ගොඩ වුණා. දාස් ගාණක් සෙනග අසපුව ඇතුළෙ. ටිකක් විපරම් කළාම, මෙන්න තියනව “පිටවීම පමණයි“ කියල ගහපු බෝඩ් ලෑල්ලක්. නොපිටට වැඩ කරන එක සිරිත කරගත්ත වුන් ටිකක් හිටපු නිසා කට්ටියම - පොදු එකගතාවෙකට - ආව. ‘මොකක් හරි එකක් කරල මෙතනින් රිංගමු‘.

දැන් “සංවිධායක ලීලාව“ තියරිය ප්‍රැක්ටිකලි කරන්න යන්නෙ. සෙනග ටික එහෙ මෙහෙ වුනා. සංවිධායක මණ්ඩලේ කට්ටිය ගියා තේ බොන්න. දැන් එතන ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි. ‘කට වහගෙන - විදිමු. කවුරු හරි ඇහුවොත් කියමු සංවිධායක මණ්ඩලේ කියල‘ එකෙක් යෝජනා කළා.

ඔන්න ඔහොම විද්ද. මගදි සංවිධායක මණ්ඩලේට මාට්ටු වුණා. ‘පුතාල කොහොද මේ පාරෙන් යන්නෙ‘. කට වහගෙන යමු කීවට ප්‍රශ්නයක් ඇහුවම උත්තර නොදී ගිහිං හරියනව ද. හිත හදා ගත්ත උත්තර නොදී ඉන්න. ඉද්ද වගේ විද්ද. උඩ තට්ටුවටත් ගියා. ධාතූන් වහන්සේ වන්දනා කළා.

ඊට පස්සෙ ඔලියටත් ආව. දන්සැලකින් තේ එහෙමත් බීල, බෝඩිං වලට යන්න පාරට ආව.

“ආං අර සංවිධායක මහත්තුරු - අනේ අනේ. මෙහෙමත් ළමයි. බුදුන් වදින්න යන්නෙත් පෝලිං පැනලනෙ“ කවුදෝ දිගට හරහට කියවනව. උත්තරයක් නොදී ඉන්නම බැරි තරම්. උත්තරයක් දෙන්න හිත හදා ගත්ත.

‘පෝලිමේ බුදුන් වදින්න ගිහිං තමයි ආච්චි තාමත් සංසාරෙ. මෙතනත් පෝලිමේ හිටියොත් තව කල්පෙකුත් මෙහෙමම තමයි‘ කීව. ආච්චි සාධුකාර දුන්න. අපි මාරු වුණා.

6.18.2011

දෙවියන්ගේ නාමයෙන් කියුබාවට ඇගිලි නොගසණු!

පහුගිය දවසක, වැලිවිට හන්දියට අත් පත්‍රිකාවක් ආව. මේ ලියුම එවල තිබුණේ ෆයිසාල් සහෝදරයින්. ලිපිය පහත ඵල කරන්නට වැලිවිට හන්දියේ උත්තර කර්තෘ මණ්ඩලය තීරණය කළා.

ගෞරවනීය ස්වාමීන් වහන්ස - පූජකතුමණි. අම්මේ - තාත්තේ. ආදරණීය සහෝදරයා සහෝදරිය.

කියුබාව නම් රට මුල්කාලයේදී, ගස් කොළන් කිසිවක් නොවැඩුණු ගල් පර දෙකකට මැදි වූ ආරක්ෂා සහිත මුඩු බිමකි. එම බැම්ම, සතුරන්ගෙන් කියුබාව බේරා ගැනීම පිණිස ස්වභාවධර්මයා විසින් ඇති කරන ලද බැම්මක් බව බැලූ බැල්මට පෙනේ.

වසර දහයක් හෝ පහළවක් යන කාලයේ කියුබාව කුඩා දිය පාරකින් පමණක් සමන්විත එකක් බව ඉතිහාසඥයෝ පවසයි. වසර දහයක් - පහළවක් අතර කාලයේදී කිසියම් හේතුවකින් දිය අගල අසල කිසියම් පිපිරීමක් සිදු වෙයි. මෙම අවස්ථාවේදී ගල් පර අසලින් ලෝ දිය ගැලීමක් සිදු වෙයි. මෙම දෙදරීම නිසා දිය අගල අසල සාමාන්‍ය විලක් බවට පත් වෙයි. මෙය කියුබාවේ පිබිදීම යැයි කියනු ලැබේ. එතෙක්, මුඩු බිමක්ව පැවති කියුබාව සියුම් ගස් කොළන් මැවී ක්‍රම ක්‍රමයෙන් සාරවත් බිමක් බවට පත් වෙයි. මෙසේ වැවෙන ගස් කොළන් ස්වභාවය කියුබාවට පමණක් ආවේණික බැව් කියවේ. මෙය එහි අලංකාරය හා අගය වැඩි කරන්නක් බදුය.

ලෝ දිය ගලන විට ඉවුර අසල ඇති ගස් කොළන් දුක් බර ස්වභාවයක් ගනියි. මෙහි ලෝ දිය ගලන බවට ලකුණු පහළ වූ විට එහි වැසියන් තාවකාලික බැම්මක් මගින් අවට ප්‍රදේශය ආරක්ෂා කර ගනියි. කියුබාව ඉතා කළබල කාරීය. මෙය කියුබාවේ පිබිදීමෙන් පසු සිදු වූවක් බව තතු දන්නෝ පවසයි.

ෆයිසාල් වැසියෝ සටන් කරනුයේ කියුබාව අත්පත් කර ගැනීමටය. සටන් ඉතා උග්‍ර තත්ත්වයට පත් වන විට, කියුබාවට ඉහළින් ඇති උස් කදු මුදුන් වලටද දැඩි තැලීම් සීරීම් සිදු වී දැඩි හානි සිදු වෙයි. නමුත්, මෙය කියුබාවේ වැසියන්ට දැඩි ප්‍රීතියක් ගෙන දෙන්නක් බව කියුබානුවන් පවසයි. ෆයිසාල් වැසියන්ගේ දැඩි අවධානයට ලක් වන්නේ කියුබාවේ සාරවත් ප්‍රදේශ අත්පත් කර ගැනීමයි. ෆයිසාල් වැසියන් මෙම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ අවස්ථාවන් වලදී, කියුබාවට යාබද පහළ දකුණට වන්නට ඇති අගල් හා නිම්න වලට පහර දෙයි.

ඍජුව පහර දීමට නොහැකි විට, ෆයිසාල් වැසියෝ කියුබාව සිතින් මවාගෙන ඉබා ගැතයේ අත් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සංසිදවා ගනියි. බල සම්පන්න අවි අමෝරාගෙන සටන් වදින ෆයිසාල් වැසියන්, එම සටන දිනාගෙන හෝ පරාජය වී, එම අවි පහත හෙළාගෙන ආපසු යයි. 

කියුබාව, ප්‍රමාණයෙන් කුඩා උවත් රාජ බලය ඇති තේජාන්විත රජවරු සිටුවරු පවා කියුබාව ඉදිරියේ දණ නමති. සටන් උග්‍ර අවස්ථාවන් වලදී කියුබාව දුරට පෙනෙන්නේ රතු මිශ්‍ර සුදු පැහැයෙනි. සෑම සටනක්ම අවසන් වන්නේ ෆයිසාල් වැසියන් විසින් කියුබාවට දැවැන්ත ජල කදක් මුදා හැරීමෙන් පසුවයි. එය කියුබානුවන් විසින් හදුන්වන්නේ සාමයේ ජල කද ලෙසයි. අවසානයේ ඇද හැලෙන මෝසම් වර්ෂාවකින් පසු කියුබාව නැහැවී පාරිශුද්ධත්යට පත් වෙයි. කියුබාව ඉතා කුඩා උවත්, ඉන් දැවැන්ත රජවරු සිටුවරු පවා බිහිව ඇති බව ඉතිහාසඥයන් පවසයි.

කියුබාව අපේය. - අපි කියුබාවේය.
දෙවියන්ගේ නාමයට කියුබාවට ඇගිලි නොගැසණු.

මීට ෆයිසාල් සහෝදරයින්...

අවසානයේ ලියමි. ෆයිසාල් සහෝදරයින්ට සංවේදී වීම ‘ෆයිසාල් හිතෛශීන්‘ හා ‘කියුබානු ප්‍රේමීන්‘ වන අප සියලු දෙනාගේ වගකීමයි.