6.24.2011

ආදරයේ නාමයෙන් - හැතැක්ම හකළිහක් - පා පැදියෙන්

වැව් බැදි රාජ්‍යයේ ඉදල වැලිවිට පැත්තට ආපු කෙනෙක්. ටිකක් මහතයි. තොප්පියක් එහෙමත් දාගෙන ඉන්නව දැකල තියනව.

කාලයක් මැදවච්චිය පැත්තෙ ගෑණු ළමිස්සියෙක් එක්ක මෙයාට ප්‍රේම සම්බන්ධයක් තිබ්බ ලු. ඉස්කෝලෙ නිවාඩු කාලෙ. ගෑණු ළමිස්සි ආයෙත් අනුරාධපුරේට එන්නෙ ඉස්කෝල නිවාඩුවෙන් පස්සෙ. ප්‍රේමයේ ගිණිදැල් බුර බුරා නගින්න පටන් ගත්ත අර හාදයට. ඉන්ට බැරි වුණා. හැබැයි, පෙම්වතිය හම්බෙන්න විදියකුත් නෑ. මේ හාදය දැඩි තීරණයකට එනව. ‘මොන ලෝකෙ හිටියත්  ගිහිං හම්බෙලා එනව‘ කියල ස්ථිර අධිශ්ඨානෙකට ආව. මෙයා පරණ පහේ ෆුට් සයිකලේකුත් හොයා ගත්ත. ගෙදර ඉදං ටවුමටත් පැදගෙන ආව. හැතැක්ම දෙක තුනක් උණාට හරිම මහන්සියි. හැබැයි උට්ඨාන වීරිය අත අරින්න මෙයා කැමති නෑ.

ටවුමෙදි තවත් බයිසිකලයක් තියාගෙන ඉන්න යාළුවෙක් හම්බුණා ලු. මේ හාදය අර හාදයට කියල තියෙන්නෙ ‘පොඩ්ඩක් වරෙන්කො මගෙත් එක්ක ලගට ගිහිං එන්න‘ කියල.

දෙන්නත් එක්ක පාගන්න පටන් ගත්තලු. දෙන්නත් එක්ක පාගපු දුර හැතැක්ම හතළිහක්. එඩ්‍රස් එකේ තියන තැනට ගියාලු. හැම තැනම හොයල තියනව දෙන්නත් එකක්. බැරිම තැන කඩේකින් අහල තියනව.

“මුදලාලි මේ එඩ්‍රස් එක හොයල දෙන්නකො“ හාදයා කීවලු.

මුදලාලි ටිකක් - කල්පනා කරල, පාර පෙන්නලා තියනව එඩ්‍රස් එකේ තිබ්බ තැනට.

ආයෙත් දෙන්නත් එක්ක පාගනව. වෙලාව හවස හරතට විතර ඇති. දෙන්න ගියා එඩ්‍රස් එකේ තියන තැනට.

“මැදවච්චිය අද-ගොලු-බිහිරි පාසල“ කියල තඩි අකුරින් ගහපු බොඩ් එකක්. 

දෙන්නම මානසිකව වැටුණ. අනේ පව්. දැන් අපේ හාදයා කල්පනා කරන්න පටන් ගත්තලු.

අන්තිමේට මෙච්චර වෙලා ඉවසගෙන හිටපු තරහ අර යාළු හාදය පිට කරා, “අද ගොළු බිහිරි නැත්තම් තොගෙත් එක්ක යාළු වෙයි ද යකෝ. යම ගෙදර“ දෙන්නත් එක්ක ආයෙත් මැදවච්චියෙ ඉදං අනුරාධපුරේට පාගනව. දෙන්නගෙම අතේ තියෙන්නෙ, අපේ යාලුව ගෙදරින් එන කොට පාන් රාත්තලක් ගේන්න දුන්න රුපියල් හතළිහ විතරයි. ඒ කියන්නේ විස්සෙ කොළ දෙකක්. ලගම තිබ්බ කඩේ ලගදි අතේ තිබ්බ පිච්චියත් ඉවරයි.

දෙන්නත් එක්කලා අනුරාධපුරේට ආව. මේ කතාව දන්න කියන දෙතුන් දෙනෙක්ට කීව. ගෙදර එනකොට පාන්දර තුනත් පහුවෙලාලු. කොහොමෙන් කොහොමෙන් හරි මේ කතාව ගෙවල් වලටත් ආරංචි වුණා. අර අපේ යාලුව තනියට එක්කං ගිය හාදය දැන් ඉන්නෙ, කොටිකාවත්ත පැත්තෙ ඉස්පිරිතාලෙක. අපේ යාලුව ඉන්න තැන කළින්ම කීවනෙ.


කතාව ඇත්ත. මේ කතාව ඔය හාදයා කීවෙ, සන්-රිච් එකේ දි. පිරිත් කොටු වල වහළ ගහන මනුස්සය සාක්කි. කතාව බොරුනම්, කලා වැවේ හැම දිය බිංදුවක්ම - “ගල්“ වෙන්න ඕනෙ...

5 comments:

  1. Sirawatama....Ammapa Aththa Oya Kathawa Kiyaddi Mamath Idiya....Oya Pora Inne Kiribathgala Waththa Pare Bodimkalu Neda....Ara Gal Wala Issaraha Bodima....

    ReplyDelete
  2. Ammapa aththa meka kiyaddi me lagadi idala sun rich 1ta ena malli,pirith kotu wala wahala gahana malli,thelage hema wedatama support karana chathuranga malli, 3n denama sakki kiyai. eth me blog 1ke nama aluth karanda one.
    "THELAGE PASHCHATH SAMAJA KIYAWEEMA HEWATH ANUNGE REDI SEDEEMA" KIYALA......

    ReplyDelete
  3. bandada? chathurangayada? nathnam dennamada?

    ReplyDelete
  4. Onna Thelo Sure Ekatama Me 2weni Commentuwa Dala Thiyenne Chathuranga Malli.He He.Ane Malliye Uba Ube Mada Para Anun Pitin Yawanna Hadanne Ne.Hoda Hoda...

    ReplyDelete
  5. Meka Lagadi KIwa apahu.....\\\\bandama Thsmsi.Wena kauda Oya Wage Gon Athal Ganne

    ReplyDelete