5.05.2013

නෑ ඓහම දෙයක් නෑ 2

අත් අල්ගෙන පාරෙ ගිය තවත් හොදම යාළුවො දෙන්නෙකුගෙ කතාවක්...

නෑ ඓහම දෙයක් නෑ 2

බලාපොරොත්තුවන්න

(ඡායාරූප සහිතයි)

12.20.2012

ලෝක විනාසෙ දවසෙ අදින්න - අලුත් ඇදුම් ගන්න NOLIMIT ගිය හාදයෙක්

මා විසින් මෙසේ අසන ලදී...

...වර්තමාන කතාව...

ඊයෙ පෙරේද දවසක රයිගං කෝරළේ උත්තමයෙක් හදිස්සියෙම නුගෙගෝඩ නෝ-ලිමිට් එකට යන්න කියල, බයික්කලේක රජරට පැත්තෙ හාදයෙකුත් නග්ගගෙන ලක ලෑස්ති වෙනව. රජරට හාදය දන්නෙ නෑ, යමං කීවට මොකට ද යන්නෙ කියල. ඇරල් හතර කන්ද එකට කරගෙන කොරතොට පැත්තෙන් මහ වැස්සකුත් එනව.

‘කොහෙද බොල යන්නෙ‘ රජරට වැසිය අහපි.

‘වරෙංකො යන්ඩ. නෝලිමිට් - නුගේගොඩ‘ රයිගං උත්තමය කියාපි.

දෙන්නත් එක්ක ජෝඩු දාල දැන් බයික්කලේ යනවලු.

‘මොකට ද දැන් උඹට හදිස්සියෙ ඇදුම් - මේ වරුසාවකුත් එනව‘ රජරට වැසිය අහද්දි - රයිගං උත්තමය මෙලෙස දෙඩුවාළු..  ‘යකෝ, ලබන සිකුරාද 21 නේ. එදාට අදින්න ඇදුමක් ඕනෙ‘ 

‘ඇයි උඹට මගුල් තුලාවක යන්ඩද නැත්තම්, සමාජශාලාගත වෙන්ඩ ද‘ කියල අහද්දි රයිගං උත්තමය දුන්න උත්තරේ තමයි මේ.

‘නෑ, තඩියො! ලෝක විනාසෙනෙ. අන්තිම දවසෙවත් ලස්සනට ඉන්ඩ ඕනෙන බං. අන්තිම මොහොතෙදි හරි කෑල්ලක් වත් සෙට් කරගන්ඩ එපැයි.‘

අහෝ,
...මෙහි අතීත කතාව මෙසේය...

‘අද මොකට ද උඹ පැෂන්බග් යන්නේ?‘

‘ඕඩර් කරපු ෂර්ට් එකක් ගන්ඩ‘

‘හදිස්සියෙම?‘

‘යකෝ, හෙට ඔරියන්ටේෂන් ඔඩිෂන්නෙ‘

‘ඉතිං, ඇයි උඹ සිංදු කියනව ද‘

‘නෑ බොල තඩියො, අලුත ආපු ලැමිස්සිලාවත් හැටි දැනගන්න කළිං වසී කරගන්න වෙනව. නැත්තම් හැටි දැනගත්තොත් මේ නැවෙනුත් හුළං තමයි.‘

12.16.2012

Experience claim කරන්න - එකක් දිගටම කරන්න

මා විසින් මෙසේ අසන ලදී...

වැලිවිට පැත්තෙ හාදයෙක් පහුගිය දවසක අලුත් පෙම්වතියක් පස්සෙන් ගියා. පස්සෙන් ගියා විතරක් නෙවෙයි, මෙයා එයාගෙන් අහලත් කියලයි ආරංචිය. කටකාර මේ හාදයා - මෙදා සැරේ කෙහෙළ් කදක් බදු ස්ත්‍රී පරාණෙකට තමයි ලයින් දාගෙන ඉන්නෙ.

කොල්ල ගිහිං කෙල්ලගෙන් මෙහෙම අහල තියනව. “නංගි, මම ඔයාට කැමතියි. කැමතියි කියන්නෙ මට ඔයාව දැක්කම ආදරයක් හිතුන“

කෙල්ල උත්තරයක් දෙනව “ඔයාට ගර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ අයිය.“

“අනේ නෑ නංගි.“

“එහෙනම් ඉදල තියනව ද“

“ඉදලනම් තියනව“

“කොච්චර කල් ද“

“අන්තිම එක මාස හයයි“

“අන්තිම එක මාස හයයි කියන්නෙ කීයක් විතර තිබුණ ද. ඔයා මාර කෙනෙක්නෙ“

“එකක්වත් එච්චර කල් තිබුණෙ නෑ. දන්නෙ නැද්ද. කෙල්ලො හැමෝම එක වගේ නෑනෙ. ඒව නතර වුණා. නංගිට බෝයි කෙනෙක් ඉන්නව ද“

“අනේ මටනම් නෑ. හැබැයි එකක් තිබුණ. ඒක අවුරුදු පහක් විතර තිබුණ.“

“ඊට කළිං?“ කොල්ල අහපි.

“ඊට කළිං 8 වසරෙ ඉදල එකක් තිබ්බ. අවුරුදු 3ක් විතර.“

“ඉතිං. ඔයා මට කැමති ද“ කොල්ල ආයෙත් අහපි.

“කොහොම ද අයිය කැමති වෙන්නෙ. ඔයාට තියෙන්නෙ ඔක්කොම short-term affairsනෙ. Experience claim කරන්නවත් විදියක් නෑනෙ.“ කෙල්ල කියාපි.

“ඒ කීවෙ නංගි“ කොල්ල ආත-භූත වී ඇහුවලු.

“නෑ අයිය මම කීවෙ, මාසෙ දෙක තිබුණ ඒවගේ කොහොම ද Experience claim කරන්නෙ. ඒක නිසා මම ඔයාට කැමති නෑ. සොරි...“ කෙල්ල ගස්සල ගියාපි.



උඩ බලාගෙන Experience claim කරන හැටි කල්පනා කරන කොල්ලෙක් දැක්කොත්, ඒ හරියටම ඒ හාදය තමයි.
කවුද කියලනම් අහන්න එපා.
කොරතොට ගල්වල පල්ල - ඇත්තම ඇත්තයි.

12.12.2012

දන්නව ද? - නාරි ආරක්සකපති

මා විසින් මෙසේ අසන ලදී...

මහවැලි කණිශ්ඨෙ කීවම හැමෝම දන්න කීප දෙනෙක් ඉන්නව. මෙයා කරලියට ආවෙ -“පරිස්සම් වෙලා හිටපං“- කියන චිත්‍රපටයේ සහාය චරිතයක් රගපාල. මේ දවස් වල ඩේවිඩ් බෙකම්ගෙ වගේ කොණ්ඩෙ හදාගෙන ඉන්නෙ.

කතාව මේකයි.

මේ හාදයා මොන විෂය නැතත් එක විෂයක් සම්බන්ධයෙන් මේ වෙනකොට කෙළ පැමිණිලා ඉන්නෙ. ඒ තමයි ආරක්ෂක විෂය.

නිකම්ම නිකං ආරක්ෂක විෂය නෙවෙයි, ‘නාරි ආරක්සාව‘. ඒක නිසාම මල්ලිට කට්ටිය කියන්නෙ ‘නාරි ආරක්සක‘ කියල.

අලුතින් වැලිවිටට ආපු පොඩි හාදයිනුත් මේ වැඩේට පුහුණු කරන වැඩේ භාර අරගෙන තියෙන්නෙ මේ හාදයලු.

මේ - ‘නාරි ආරක්සකපති‘ වැඩේ අකුරටම කරනව. ඇසට කනන පේනා නාරි ලදුන් භාර දීල අවුරුද්ද දෙක ගතවුණත් අතින්වත් අල්ලන්නෙ නැතුව ආරක්සා කරනව කියල තමයි ආරංචිය.

නාරි! නාරි!! නාරි!!!


මෙයා මේ වෙනකොට  LLP (Hons.) කියන උපාධියත් අරගෙනලු. අකුරු කීවට ඒවගෙ තේරුමනම් කවුරුත් කීවෙ නෑ.


12.11.2012

ලාවට උදා වූ හිරුවන් මලක - ඇපල් සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී...

ඊයේ පෙරේදා ඉලිප්සියාකාර බෝලයෙන් කෙළි සෙල්ලම් කිරීමට පිටියට පිවිසි, පන්සලට සමාන පදයකින් නම් කර ඇති වීදියක දිවි ගෙවන කෙසග සිසුරකින් හා හැඩි දැඩි ගමන් ලතාවකින් යුතු අයෙකි. පුංචි බොරැල්ල පැත්තේ තක්සලාවකින් සිප් සතර හදාරා ඇත.

පසුගිය දිනෙක, වැලිවිට හන්දියේ ෆුඩ් සිටියට ගිය මේ හාදයා ඇපල් ගෙඩි දෙකක් අතට ගත්තලු. දෙකම රතු පාට. මේ හාදයත් එක්ක ගිය අනෙත් හාදයා කීවලු, ‘රතු එකයි කොළ එකයි දෙකක් ගම්මු‘  කියල.

ලාවට උදා වූ සූර්යයා බදු වූ මේ හාදායා කීවලු, ‘ඉදිච්ච ඒවගෙන්ම දෙකක් ගම්මු‘ කියල.

අනෙක් හාදය ටිකක් භ්‍රාන්ත වෙලා මෙහෙම අහපි, ‘ඉදිච්ච? ඒ මොනව ද‘ කියල.

‘ඔව් බං. මේ බලපං කොළ පාටට කියෙන්නෙ අමු ඇපල්නෙ. තියල ඉදවල කන්න මේව අරං යන්න ඕනෙ නෑනෙ. රතු පාටින් දෙකක් ගම්මු‘ කියල.

‘කොළ ඇපල් කොහෙද යකෝ අමු වෙන්නෙ‘ මහවැලිය අසබඩ තක්සලාවෙ හාදය අහපි.

‘තෝ ඉතිං මහවැලි කණිශ්ඨෙනෙ. උඹලගෙ ඉස්කෝලෙ ඔක්කොම උන් එකයිනෙ. ගොනෝ, මේ රතු පාට වෙලා තියෙන්නෙ - කොළ ඇපල් ඉදිල‘ කියල කියාපි.

අහෝ - ඇපල් දොඩම් මිදි පේර ජම්බු ආදී නේක නේක ඵල වර්ග එක්වනම නොපොනී ගියේය. මහා එළියක් විහිදුවාගනිමින්, ලාවට උදා වූ සූර්යයා වැනි හාදයා
වැලිවිට සිසාරා කීර්ති ඝෝෂා පැතිර යමින්
‘ජීවවිද්‍යාපති‘ ප්‍රාප්තියට පත්විය.

අහෝ! අහෝ!! අහෝ!!!


12.10.2012

පළා කොලේකට කාන්දකමක් අල්ලා යකඩ හොයන හොරණ උත්තමයා

කළුතර දිසාපති කොට්ඨාසෙ හාදයෙක්. නකුට තිබ්බනම් හොරු මරං කනව කියල තමයි කට්ටිය කියන්නෙ.

දවසක් ඉස්කොලේ ගිහිං ගෙදර ඇවිත් නිවිති පැලයක් හොයනවලු. අම්ම අහල තියනව, මොකද්ද පුතේ හොයන්නෙ ඔය කාන්දන් කෑල්ලකුත් තියාගෙන කියල.

‘මම මේ නිවිති පැළයක් හොයනව‘ කියල බස බස ගාල කියාගෙන ගියාලු. ‘ඒ මොකට ද අම්ම‘ අහපි.

“නෑ අම්මෙ, ඉස්කෝලෙ සයන්ස් කරන මිසී කීව, නිවිත වල යකඩ තියනව කියල, මම මේ කාන්දමක් අරං බැලුවෙ, නිවිති කොලේ ඇලෙනව ද කියල“

එකපාරටම අම්ම තුෂ්ණිම්භූත වුණත් පස්සෙ පුතාව අවබෝධ කරගත්ත.
“අනේ ගොනෝ - දොර ගැවින් යනකොට නැමිල පලයං. නැත්තං අං තට්ටුව උලුවස්සෙ වදී“ කියල අම්ම භ්‍රාන්ත වුණා.



හැබැයි කොල්ල වැඩේ අත්ඇරියෙ නෑ. අද වෙනකල් කොල්ල සත්ත වෙනව, නිවිති වල යගඩ නෑලු.

12.09.2012

රති කෙළියට මීගමු ගිය - පාන් කිරිත්තා

අපි දන්න කියන කීප දෙනෙක් මීගමුව පැත්තෙ ගියා රති කෙළියෙ යෙදෙනේන. පැත්තෙ තියන කාර්ය බහුලත්වය නිසා, රති කෙළියට හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ, කෙළි සෙල්ලම් බඩු තුනක් විතරයි. හැබැයි කට්ටිය සෙට් එක අටක් විතර හිටිය.

මුලින්ම සෙල්ලම් බඩු ටික දැක්කම සමහර අය පැණල ගිහිං පෝලිමේ ඉස්සරහින් හිටගත්තලු. සමහරැ අය පස්ස ගහනවලු. මේ අරත හිටපු පාන්-කිරිත්තෙක් මෙහෙම කීවලු.

‘මම නම් ඕවට කැමති නෑ‘ කියල. හැබැයි ටික වෙලාවක් තත්සර ගයපු මේ කුරුල්ල මෙහෙමත් කීවලු. ‘දැන් ඉතිං හෙට උදේට විස්තරේ කියනකොට මගෙ නමත් කියවෙනවනෙ. ඒක නිසා කරල ගියත් - නැතුව ගියත් නෝන්ඩි වෙන්න වෙනවනෙ. ඔන්නෙ ඔහෙ කෙළලම නෝන්ඩි වෙනව‘ කියල.

අන්තිමේදී පොලීමේ ඉස්සරහින්ම ගියා කියල කියලයි කියන්නෙ.


කතාව කීවට, කියපු අයවත් කෙනා කවුද කියල කීවෙ නෑ.
එහෙම කීවත් - මේවායැ දාන්න පුළුවනෑ.

12.04.2012

ජපනා දුන් දායාදය

පහුගිය දවසක වැලිවිට පාරෙ පැලස් එකක ඉන්න මල්ලි කෙනෙක් බයිසිගලයක් ගෙනාව. ඒ බයිසිකලයක් කීවට තල්ලු කරගෙන විතරයි යන්න පුළුවන්. මේකෙ යන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි.

කතාව ඒක නෙවෙයි. මේ මල්ලි කාලයක් තිස්සෙ බම්බලපිටිය, කොල්ලුපිටිය පැත්තෙ රාත්‍රී සමාජ ශාලාවන්වල හරි හරියට කරක්ගහපු කොල්ලෙක්. මල්ලිගෙ පපුවෙ ජපන් අකුරෙන් ගහපු පච්ඡයක් එහෙමත් තියනව.

මල්ලිට මේ බයිසිකලේ දුන්න ජපන් හාදයගෙ නම තමයි මේ මල්ලි පපුවෙ ගහගෙන ඉන්නෙ. මල්ලිට බයිසිකලේ දීල තියෙන්නෙ ඒ ජපන් හාදය කියල තමයි ආරංචිය. මල්ලි පස්සෙන් ටික දවසක් ඇවිත් තියනව. මුල් කාලෙ මල්ලි ටිකක් අකමැති වෙලා. හැබැයි පස්සෙ කාලෙ, නිකං තියන එකෙන් වැඩක් ගත්තට පවු නෑ කියල තමයි මල්ලි පස්සෙ කැමති වෙලා තියෙන්නෙ. 

අන්තිමේට - මල්ලි ඒක පුද්ගල තල්ලු කරන බයිසිකලේක හිමිකාරයෙක් වුණා.

දන්නවනම් නම කියන්න...

11.21.2011

මංගල දැන්වීමයි

ඉතාම සෙමින් සිතන පතන හා ප්‍රතිචාර දක්වන, විසි වයස් කඩවසම් මිතුරාට, මිතුරන් විසින් පෙම්වතියක් සොයයි. වැලිවිට හන්දිය උසස් විද්‍යාලයේ දෙවැනි වසර අහවර කළ-බුද්ධිමත් තරැණයෙකි. ලාස් කොටිකාස්හි අක්කර සියයක කුප්පමේනිය වගාවක් හා අලුත්ම හොන්ඩා වර්ගයේ තිරික්කලයක් දෑවැදි ලෙස භාර්යාවට දීමට සූදානම්ය. පින්වත් කුමරාට-කුල කුමරියක් සොයයි. 

8.17.2011

BOX OFFICE Rating - No 1 Rated Visual


Creative Director - Vodka Studio
Cast - Leta, Pubba & Vodka
Sing - Rohana Beddage


කොමෙන්ට් කරමින්
ඔබේ මනාපය
ලබා දෙන්න...