7.01.2011

Card එකක් තියනව - මල් කොටා

අපේ යාළුවෙක් පහුගිය දවසක දීර්ඝ කාලීන කැස්සකට බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් හම්බෙන්න ගියා. මෙයා ගොඩක් කල් ඉදල බෙහෙත් ගන්න කෙනෙක්.

“කොච්චර කල් බදලද බෙහෙත් ගන්නෙ“ දොස්තර ඇහුව.

“මාස හයක් විතර“ අපේ යාළුව උත්තර දුන්න.

“කාඩ් එකක් තියනව ද“ දොස්තර ඇහුව.

මේ කතාව ඇහුවට පස්සෙ ටිකක් වෙලා අපේ යාළුව කල්පනා කරල තියනව. අපේ යාලුව දන්නෙ එක කාඩ් එකක් ගැන. “තියනව. මල් කොටා“

මේක ඇහුවට පස්සෙ දොස්තර භ්‍රාන්ත වී ගියේය.

“මම ඇහුවෙ කැම්පස් කාඩ් එක නෙවෙයි මල් කොටෝ - ක්ලිනික් ආපු කාඩ් එක ගැන“ කීවලු

No comments:

Post a Comment