7.22.2011

ඇයි මේක ඡන්ද පොළක්ද

ඒ පළාත් පාලන ඡන්ද දවසට කළිං දවස. රාවයක් ගියා, ඡන්දෙ දවසේ වැලිවිට ලෙක්චර්ස් නෑ කියල. මේ කතාව ආරංචි උණාම - රුපියල් විස්සෙ කූරක නමක් තියන පොරකුයි, දොරටුපාල වගේ නමක් තියන පොරකුයි ගියා ඇඩ්මින් එකට.

“අක්කෙ හෙට ලෙක්චර්ස් තියනව ද“ මුන් දෙන්න අහපි

“ඇයි එහෙම අහන්නෙ“ අක්කල ඇහුව

“නෑ හෙට ඡන්දෙනෙ“ අරුන් දෙන්න ආයෙත් කියාපි

“ඇයි මේක ඡන්ද පොළක් කියල හිතුවද“ අක්කල කියපි

අරුන් දෙන්න ඌර්ධවපාතනය උණා කියල තමයි ආරංචිය

1 comment: