12.10.2012

පළා කොලේකට කාන්දකමක් අල්ලා යකඩ හොයන හොරණ උත්තමයා

කළුතර දිසාපති කොට්ඨාසෙ හාදයෙක්. නකුට තිබ්බනම් හොරු මරං කනව කියල තමයි කට්ටිය කියන්නෙ.

දවසක් ඉස්කොලේ ගිහිං ගෙදර ඇවිත් නිවිති පැලයක් හොයනවලු. අම්ම අහල තියනව, මොකද්ද පුතේ හොයන්නෙ ඔය කාන්දන් කෑල්ලකුත් තියාගෙන කියල.

‘මම මේ නිවිති පැළයක් හොයනව‘ කියල බස බස ගාල කියාගෙන ගියාලු. ‘ඒ මොකට ද අම්ම‘ අහපි.

“නෑ අම්මෙ, ඉස්කෝලෙ සයන්ස් කරන මිසී කීව, නිවිත වල යකඩ තියනව කියල, මම මේ කාන්දමක් අරං බැලුවෙ, නිවිති කොලේ ඇලෙනව ද කියල“

එකපාරටම අම්ම තුෂ්ණිම්භූත වුණත් පස්සෙ පුතාව අවබෝධ කරගත්ත.
“අනේ ගොනෝ - දොර ගැවින් යනකොට නැමිල පලයං. නැත්තං අං තට්ටුව උලුවස්සෙ වදී“ කියල අම්ම භ්‍රාන්ත වුණා.



හැබැයි කොල්ල වැඩේ අත්ඇරියෙ නෑ. අද වෙනකල් කොල්ල සත්ත වෙනව, නිවිති වල යගඩ නෑලු.

No comments:

Post a Comment