12.16.2012

Experience claim කරන්න - එකක් දිගටම කරන්න

මා විසින් මෙසේ අසන ලදී...

වැලිවිට පැත්තෙ හාදයෙක් පහුගිය දවසක අලුත් පෙම්වතියක් පස්සෙන් ගියා. පස්සෙන් ගියා විතරක් නෙවෙයි, මෙයා එයාගෙන් අහලත් කියලයි ආරංචිය. කටකාර මේ හාදයා - මෙදා සැරේ කෙහෙළ් කදක් බදු ස්ත්‍රී පරාණෙකට තමයි ලයින් දාගෙන ඉන්නෙ.

කොල්ල ගිහිං කෙල්ලගෙන් මෙහෙම අහල තියනව. “නංගි, මම ඔයාට කැමතියි. කැමතියි කියන්නෙ මට ඔයාව දැක්කම ආදරයක් හිතුන“

කෙල්ල උත්තරයක් දෙනව “ඔයාට ගර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ අයිය.“

“අනේ නෑ නංගි.“

“එහෙනම් ඉදල තියනව ද“

“ඉදලනම් තියනව“

“කොච්චර කල් ද“

“අන්තිම එක මාස හයයි“

“අන්තිම එක මාස හයයි කියන්නෙ කීයක් විතර තිබුණ ද. ඔයා මාර කෙනෙක්නෙ“

“එකක්වත් එච්චර කල් තිබුණෙ නෑ. දන්නෙ නැද්ද. කෙල්ලො හැමෝම එක වගේ නෑනෙ. ඒව නතර වුණා. නංගිට බෝයි කෙනෙක් ඉන්නව ද“

“අනේ මටනම් නෑ. හැබැයි එකක් තිබුණ. ඒක අවුරුදු පහක් විතර තිබුණ.“

“ඊට කළිං?“ කොල්ල අහපි.

“ඊට කළිං 8 වසරෙ ඉදල එකක් තිබ්බ. අවුරුදු 3ක් විතර.“

“ඉතිං. ඔයා මට කැමති ද“ කොල්ල ආයෙත් අහපි.

“කොහොම ද අයිය කැමති වෙන්නෙ. ඔයාට තියෙන්නෙ ඔක්කොම short-term affairsනෙ. Experience claim කරන්නවත් විදියක් නෑනෙ.“ කෙල්ල කියාපි.

“ඒ කීවෙ නංගි“ කොල්ල ආත-භූත වී ඇහුවලු.

“නෑ අයිය මම කීවෙ, මාසෙ දෙක තිබුණ ඒවගේ කොහොම ද Experience claim කරන්නෙ. ඒක නිසා මම ඔයාට කැමති නෑ. සොරි...“ කෙල්ල ගස්සල ගියාපි.



උඩ බලාගෙන Experience claim කරන හැටි කල්පනා කරන කොල්ලෙක් දැක්කොත්, ඒ හරියටම ඒ හාදය තමයි.
කවුද කියලනම් අහන්න එපා.
කොරතොට ගල්වල පල්ල - ඇත්තම ඇත්තයි.

1 comment: