12.20.2012

ලෝක විනාසෙ දවසෙ අදින්න - අලුත් ඇදුම් ගන්න NOLIMIT ගිය හාදයෙක්

මා විසින් මෙසේ අසන ලදී...

...වර්තමාන කතාව...

ඊයෙ පෙරේද දවසක රයිගං කෝරළේ උත්තමයෙක් හදිස්සියෙම නුගෙගෝඩ නෝ-ලිමිට් එකට යන්න කියල, බයික්කලේක රජරට පැත්තෙ හාදයෙකුත් නග්ගගෙන ලක ලෑස්ති වෙනව. රජරට හාදය දන්නෙ නෑ, යමං කීවට මොකට ද යන්නෙ කියල. ඇරල් හතර කන්ද එකට කරගෙන කොරතොට පැත්තෙන් මහ වැස්සකුත් එනව.

‘කොහෙද බොල යන්නෙ‘ රජරට වැසිය අහපි.

‘වරෙංකො යන්ඩ. නෝලිමිට් - නුගේගොඩ‘ රයිගං උත්තමය කියාපි.

දෙන්නත් එක්ක ජෝඩු දාල දැන් බයික්කලේ යනවලු.

‘මොකට ද දැන් උඹට හදිස්සියෙ ඇදුම් - මේ වරුසාවකුත් එනව‘ රජරට වැසිය අහද්දි - රයිගං උත්තමය මෙලෙස දෙඩුවාළු..  ‘යකෝ, ලබන සිකුරාද 21 නේ. එදාට අදින්න ඇදුමක් ඕනෙ‘ 

‘ඇයි උඹට මගුල් තුලාවක යන්ඩද නැත්තම්, සමාජශාලාගත වෙන්ඩ ද‘ කියල අහද්දි රයිගං උත්තමය දුන්න උත්තරේ තමයි මේ.

‘නෑ, තඩියො! ලෝක විනාසෙනෙ. අන්තිම දවසෙවත් ලස්සනට ඉන්ඩ ඕනෙන බං. අන්තිම මොහොතෙදි හරි කෑල්ලක් වත් සෙට් කරගන්ඩ එපැයි.‘

අහෝ,
...මෙහි අතීත කතාව මෙසේය...

‘අද මොකට ද උඹ පැෂන්බග් යන්නේ?‘

‘ඕඩර් කරපු ෂර්ට් එකක් ගන්ඩ‘

‘හදිස්සියෙම?‘

‘යකෝ, හෙට ඔරියන්ටේෂන් ඔඩිෂන්නෙ‘

‘ඉතිං, ඇයි උඹ සිංදු කියනව ද‘

‘නෑ බොල තඩියො, අලුත ආපු ලැමිස්සිලාවත් හැටි දැනගන්න කළිං වසී කරගන්න වෙනව. නැත්තම් හැටි දැනගත්තොත් මේ නැවෙනුත් හුළං තමයි.‘

No comments:

Post a Comment