6.10.2011

බොන්සායි ඔටුවා හොදම එකෙන් ඇණ ගිනියි


අද උදේ වැලිවට කැම්පස් එකේ කොමන් ඒරියා එකේදි, සෙනසුරාදා තිබුණ පාර්ටි එකේ වීඩියෝ බල බල හිටියෙ කට්ටියක් එකතු වෙලා. මේ වීඩියෝ බලන තැන බොන්සායි කරපු ඔටුවෙක් හිටිය. මිනිහගෙ උපන්ගම කොළඹට නුදුරු අවිස්සාවේල්ල. මිනිහ හැදුනෙ වැඩුණෙ දෝහ වල. බීවෙ, වැඩියෙන්ම ඔටු කිරි. මේ හාදයා වීඩියෝ එකේ හිටපු ගෑණු ළමිස්සියෙක් දිහා බලාගෙන කෙළ පෙරමින් සිටියා. වීඩියෝ එක එහා මෙහා යනකොට, ඇගිල්ල දික්කරමින් “මේ මේ මෙයා කවුද“යි උනන්දුවෙන් ඇසීය. ඉස්සරලාම කිසිම කෙනෙක් බොන්සායි ඔටුවා ගනණකටවත් ගත්තෙ නෑ. තියන වදේ නිසාම, “කවුද“ කියා ඒ පාර්ටියෙ හිටිය කෙනෙක් ඇහුව. “මෙන්න මෙයා“ කියමින් ප්ලේ වෙමින් තිබූ වීඩියෝ එක තනතර කරල පෙන්නපි.

“කවුද - මෙයා ද“ කියා ඇගිල්ල දිගු කොට බොන්සායි  ඔටුවගෙන් ඇහුව.

“ඔව්“ බොන්සායි ඔටුව උත්තර දුන්න.

“මෙයා - ඔයාට - මෙයාගෙ උසම පහයි හතයි - ඔයාට කිට්ටු කරන්නවත් පුළුවන්ද“ ඇණුම් පදයක් කියාපි.

අහෝ! බොන්සායි ඔටුවා දම් පැහැ විය. පසුව රත් පැහැ විය. ඊටත් පසුව නිල් පැහැ වී නොපෙනී ගියේය. 

මේ කතාවත් දෙයියම්පල්ල ඇත්ත කතාවක්.


2 comments:

  1. nam gam nathuwa dammoth hondai neda..?

    ReplyDelete
  2. ane huke janelen denne nathuwa palayan....

    ReplyDelete