7.07.2011

මාලිගාවට ගොඩවෙන තැන සෙරෙප්පු ගැලෙව්ව...

කොළඹ 7 ට නුදුරු කොට්ටාවේ හාදයෙක්. දවසක් අපිත් එක්ක නුවර ගියා. මාලිගාව වන්දවලා - වැල්බෝධිව වටේ එක්කං ගිහිං බෝධියට පැන් වක්කරවල එළියට එක්කං ආව.

ඊලගට අපි ගියෙ “කැන්ඩි සිටි සෙන්ටර්“ එකට.

සිටි සෙන්ටර් එක ඇතුළට ගිහිං අපි කට්ටියම ටික දුරක් ඇවිදගෙන ගියා. මෙහෙම යනකොට අපේ එකෙක් දැක්ක, අර කොට්ටාවෙ හාදයගෙ කකුල් දෙකේ තිබ්බ සෙරෙප්පු දෙක නැති බව.

අපි හැමෝටම ඒක පෙන්නුවම, අපි ඔක්කොම නැවතුණා.

“කෝ බං උඹේ සෙරෙප්පු දෙක“ එකෙක් ඇහුව.

අර හාදය පුදුමෙන් වගේ අපේ කකුල් දිහා බලාගෙන හිටිය. ටික වෙලාවක් බලාගෙන හිටිය ඔහොම.

“කෝ යකෝ සෙරෙප්පු දෙක“ ආයෙත් පාරක් ඇහුව.

පුදුමෙන් වගේ අර හාදය උත්තර දුන්න - “මේ මාලිගාවට ගොඩ වෙන දොරල ලග ගැලෙව්ව“ කියාපි.

“මාලිගාවට ගොඩවෙන තැන?“ පුදුමෙන් වගේ එකෙක් ඇහුව.

“ඔව් - මේ මාලිගාවට ගොඩවෙන තැන ගැලෙව්ව - යනකොට දාගන්නව“.

දැනුයි කතාව තේරුණේ. මේ හාදයා හිතාගෙන ඉන්නෙ - සිටි සෙන්ටර් කියන්නෙ මාලිගාව කියල.

“යකෝ - මේක මාලිගාව නෙවෙයි - ෂොපින් කම්ප්ලෙක්ස් එකක්. ගොන් තැප්පය“ යකා නැගපු එකෙක් සැරෙන් කියාපි.

*************************************

දෙයියන්ප ඇත්ත කතාවක්. 
කොලඹ 7 ඉන්න ෂොපින් කම්ප්ලෙක්ස් දැකල නැති - කවුද දන්නවද මේ හාදය.

පුළුවන්නම් කියන්න.
එක්කං යනව සිංගප්පූරු සුමානෙකට....


1 comment:

  1. අනේ පුතේ මාලිගාව කියල මේ කොල්ලු පුංචා ගිහින් තියෙන්නේ නුවර KCC එකටනේ බොලන් ,අර නිකම් නගින බහින පදිපෙලට එහෙම එකොන් එහෙම ගියේ නැති ?ගියානම් දනගලහ වදිනවා අම්මපා ....
    -හින්ට් මාමා-

    ReplyDelete