6.11.2011

Queenගෙන් Kingකැපීම හෙවත් Chess


අපේ යැළුවෙක් පහුගිය දවසක චෙස් ටූනමන්ට් එකකට ගියා. ඒක තිබ්බෙ ගම්පහ. මෙයාට පළවෙනි වටේදි හම්බුණේ ගාල්ල පැත්තෙ නංගි කෙනෙක්. මෙයා ඉතිං කෙහොමත් පොඩි ‘Gay ලයින්‘ එකක් තිබුණත් කෙල්ලන්ටත් පොඩි බැල්මක් ඉදල හිටල දාන කෙනෙක්. මෙයා චෙස් අදිනව විතරක් නෙවෙයි. ට්‍රේනිං කෑම්ප් එහෙම දාගෙන චෙස් උගන්නන්නත් යනව.

තරගෙ පටන්ගත්ත. අපේ යාළුවා ඇද්දෙ කළු පාට ඉත්තො. මෙහෙම ඇදගෙන යන වෙලාවෙ, සුදු පාට King පැත්තක වාත වෙනව මෙයා දැක්ක. මේකෙන් චාන්ස් එකක් ගන්න හිතපු, අපේ යාළුව, හනි හනිකට එයාගෙ Queen අරගෙන ගිහිං සුදු පාට King කපල, ඉත්තව බෝඩ් එකෙන් එළියෙන් තිබ්බ.

මේක දැකපු ගාල්ලෙ නංගි තුෂ්නිම්භූත වෙලා අපේ යාළුවගෙ මූණ දිහා බලාගෙන හිටියෙ කටත් අයාගෙන. 

‘ඇයි නංගි - මොකුත් අවුලක් ද‘ අපේ යාළුව නංගිගෙන් ඇහුව.

‘අයිය මේ, අයියගේ පුද්ගලික ජීවිතේ වගේ නෙවෙයි චෙස් බෝඩ් එක. අයියගෙ wife අයියව කපල පැත්තකින් තිබ්බට, මේ ගෙම් එකේදි Queenගෙන් King කපල දාන්න බෑ. අයියට ඕනෙනම් චෙක් කරන්න‘ තරහෙන් පුපුරමින් හිටපු නංගි අපේ යාළුවට කීව.

‘ශික් - මම එයාට බයයි කියල රටම දැනගත්ත - විලි ලැජ්ජාවයි‘ කියල හිතපු ගෙදර දොරේ සිද්ධ වෙන දේවල් හිතේ තියාගෙන චෙස් අදින්න ගිය අපේ යාළුව ගේම් එක ඉවර වෙලා එතන හිටපු අයත් එක්ක කියව කියව ඔළුව ගහගෙන ඇඩුව. 

ලු

වැඩියෙන්ම දුක චෙස් ලෝස් අමතක වෙච්ච එක නෙවෙයි. ලැජ්ජ වෙච්ච එකයි.

2 comments:

  1. යුද්දෙකටත් ඇවිත් ගම්පහ ලොස් වීලා....

    ReplyDelete
  2. ehehehehh
    BlackMax haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete