6.03.2011

සභාපති එදිරි-තුමාගෙ N8 එක

වැලිවිට හන්දියට කිට්ටු කැම්පස් ටයිප් ප්‍රයිවට් ප්ලේස් එකක, ශිෂ්‍ය සංවිධාන එකමුතුවෙන් අලුත් සභාපති කෙනෙක් පත් කොර ගත්තෙ ගිය සුමානෙ අගහරුවාද. මෙතුමා අවංක කාර්යශූර මිනිහෙක් කියල ප්‍රසිද්ධ හාදයෙක්. මුන්නැහැ, සභාපති පුටුවෙ ඉදගත්ත හණිකම මුන්නැහැට තෑගි බෝග හම්බෙන්න පටන් අරන්ලු. පළවෙනි තෑග්ග, රුපියල් 5,000කට කිට්ටු බිලක් කියල කවුදෝ කියනව අපි අහගෙන. පටන් ගද්දිම වැඩේ පාඩු වුණාට, ගිය සුමානෙ සිකුරාද මෙයා හම්බෙන්න කාර් එකකින් ආපු මහත්තයෙක් සන්තෝසමක් හැටියට නොකියා එන්8 ෆෝන් එකක් තෑගි කරනව දැක්ක කියල කවුදෝ කියනව අපි අහගෙන. ඒ විතරැක්යැ, “තව ඉතිං පටන් ගත්ත විතරනෙ“ කියල කවුදෝ කියනව මම අහගෙන. 

1 comment:

  1. අප්පටසිරි ඒකත් එහෙම උනාලු එහෙනම්........ඊලගට මොකද්ද දන්නේ නෑ නේද?????

    ReplyDelete