6.01.2011

3 = 4 බව ඔප්පු කරමින් අපේ ජෝන ගණිතඥයෙක් වෙයි

අපේ ජෝන් යනු විශිෂ්ඨ ගණිත ඥානයකින් යුත් මිනිසෙක් බව ජෝන් විසින් ඔප්පු කරල තියනව. ජෝන් මේ අසහාය සොයා ගැනීම කළේ, ඊයෙ. මාලඹේ වැලිවිට හන්දියට කිට්ටු තැනකදි.


‘අඩේ යමංකො කොළඹ‘ ජෝන් කීව. මම අහපි, ‘කොළඹ කොහැටද‘ කියල. ජෝන් කියාපි, ‘කොල්ලුපිටියට‘ කියල. මම ඇහුව, ‘කොල්ලුපිටියෙ කොහාටද‘ කියල. ජෝන් කියාපි ඒ පාර ‘කොල්ලුපිටියෙ බම්බලපිටි‘ කියල.


මෙන්න ජෝන් ගණිතඥයෙක් වෙච්චි හැටි. ගණිතකර්මෙ මේක.


බම්බලපිටිය තියෙන්නෙ කොල්ලුපිටියෙ.
ඒ කියන්නෙ, කොළඹ 4 තියෙන්නෙ කොළඹ 3


කොළඹ 3 = කොළඹ 4         (ප්‍රත්‍යත්ෂ ඇසුරින්)
අපි දන්න ගණිතකර්ම දාපුවාම,
කොළඹ 3 = කොළඹ 4
දෙපැත්තෙ තියන කොළඹට කොළඹ කැපිය යනව.
එනයින්, 3 = 4


එතකොට මුළු ගණිත ලෝකෙටම, ජෝන් පොරක් වෙච්චි.

4 comments:

  1. ජෝන් තමා දවසකටවත් මිනිහා............

    ReplyDelete
  2. juwana dan nedda?

    ReplyDelete
  3. Apita Henama AathalJuly 12, 2011 at 10:56 AM

    Ane huke. Umbata henama aathal neda mehema comment ekak daapuwama.

    ReplyDelete