6.16.2011

පාරෙ ගිය වාර ගානට - උසාවි ගිය එකෙක්

හෙඩිමේ ඇති එකා කොළඹට නුදුරු අවිස්සාවේල්ලේ එකෙකි. කාර් ‘පදින‘ ඔහු පසුගිය දිනක උදේ පාන්දර හදිසියේ දුරකථන ඇමතුමක්, ‘අඩේ කහ ඉර කපපුවම දඩේ කීයද බං‘ කියල අහපි. ‘යකෝ! දඩ පොත තුරුල් කරගෙන නිදියනව කියල හිතුවද? හොයල කියන්නං‘ කියල උත්තරේකුත් දීල ‘මොකද උණේ‘ කියල ඇහුවම මේ හාදය කියාපි, ‘උඩ පාරෙ කහ ඉරක් කැපුව බං‘ කියල.

Later

ඔන්න ඔහොම මේ හාදය උසාවි දාල. සුදු පාට කලිසමකුයි කළු කමිසෙකුයි ඇදගෙන හාදයා ගියා උසාවි. අල්ලපු පෙරකදෝරුව හාදයව රවට්ටල රුපියල් දෙදාහක් අරං.

නඩුව කතා කරා. හාදය නැගපි විත්ති කූඩුවට.

‘වැරදිකරු ද නිවැරදිකරු ද‘ මුඩ්ලියර් බෙරිහන් දීපි.

‘වැරදිකරු ස්වාමීනී‘ හාදයගෙ පෙරකදෝරුව කියාපි. හාදය හෙණම ගේමක් දීල උත්තර ටික පවා කටපාඩං කරං ගියෙ. හාදයගෙන් කිසිම දෙයක් අහපු නැති එකට හැදය හොටු පෙරමින් දුකින් හිටියෙ.

මුඩ්ලියර් ආයෙ පාරක් බෙරිහන් දෙන්න පටන් ගත්ත. ‘පෙර වැරදි තියනව ද‘

පෙරකදෝරු තෙමේ කිට්ටු කරපි හාදයට. ‘එහෙම ඒව තියනව ද‘ කොදුරල ඇහුව.

‘උසාවි ආව දෙපාරක් - කූඩුවෙ ලැග්ග දෙපාරක් - දඩ ගෙව්ව දෙපාරක් - පගාව දීල මාරු වෙච්ච වාර අනන්තයි‘ හාදය ඔළුව කස කසා පෙරකදෝරු තැනට කෙදිරුව.

පෙරකදෝරු තැන බෙරිහන් දීපි - ‘පෙර වැරදි අනන්තයයි - තව හයයි ස්වාමීනී‘

No comments:

Post a Comment