6.19.2011

‘සංවිධායක ලීලාවෙන්‘ ධාතු වන්දනාවේ ගිහිං - අතේ මාට්ටු

මාලඹේ මහමෙව්නාවේ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කළහ. පොලිම් වල දිග මැනල බැලුවහම හිතෙනව වීස අරගෙන පාකිස්ථානෙට ගිහිං ධාතු වන්දනා කරන්න. ඒ වැඩේ හරියන්නෙ නෑනෙ. කොහොම හරි මාලඹේදි ධාතු වන්දනා කරන්න හිතා ගත්ත.

දන්න දහං ගැට දාල පෝලිම් පණින්න ට්‍රයි කාළාට වැඩේ ගොඩ දාගන්න අමාරු වුණා. ඊට පස්සේ අලුත් තියරියක් ඉම්ප්ලිමන්ට් කරන්න ට්‍රයි කළා. 

තියරියෙ නම - “සංවිධායක ලීලාව“

අසපුවෙ පෑල දොරෙන් අසපුවට ගොඩ වුණා. දාස් ගාණක් සෙනග අසපුව ඇතුළෙ. ටිකක් විපරම් කළාම, මෙන්න තියනව “පිටවීම පමණයි“ කියල ගහපු බෝඩ් ලෑල්ලක්. නොපිටට වැඩ කරන එක සිරිත කරගත්ත වුන් ටිකක් හිටපු නිසා කට්ටියම - පොදු එකගතාවෙකට - ආව. ‘මොකක් හරි එකක් කරල මෙතනින් රිංගමු‘.

දැන් “සංවිධායක ලීලාව“ තියරිය ප්‍රැක්ටිකලි කරන්න යන්නෙ. සෙනග ටික එහෙ මෙහෙ වුනා. සංවිධායක මණ්ඩලේ කට්ටිය ගියා තේ බොන්න. දැන් එතන ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි. ‘කට වහගෙන - විදිමු. කවුරු හරි ඇහුවොත් කියමු සංවිධායක මණ්ඩලේ කියල‘ එකෙක් යෝජනා කළා.

ඔන්න ඔහොම විද්ද. මගදි සංවිධායක මණ්ඩලේට මාට්ටු වුණා. ‘පුතාල කොහොද මේ පාරෙන් යන්නෙ‘. කට වහගෙන යමු කීවට ප්‍රශ්නයක් ඇහුවම උත්තර නොදී ගිහිං හරියනව ද. හිත හදා ගත්ත උත්තර නොදී ඉන්න. ඉද්ද වගේ විද්ද. උඩ තට්ටුවටත් ගියා. ධාතූන් වහන්සේ වන්දනා කළා.

ඊට පස්සෙ ඔලියටත් ආව. දන්සැලකින් තේ එහෙමත් බීල, බෝඩිං වලට යන්න පාරට ආව.

“ආං අර සංවිධායක මහත්තුරු - අනේ අනේ. මෙහෙමත් ළමයි. බුදුන් වදින්න යන්නෙත් පෝලිං පැනලනෙ“ කවුදෝ දිගට හරහට කියවනව. උත්තරයක් නොදී ඉන්නම බැරි තරම්. උත්තරයක් දෙන්න හිත හදා ගත්ත.

‘පෝලිමේ බුදුන් වදින්න ගිහිං තමයි ආච්චි තාමත් සංසාරෙ. මෙතනත් පෝලිමේ හිටියොත් තව කල්පෙකුත් මෙහෙමම තමයි‘ කීව. ආච්චි සාධුකාර දුන්න. අපි මාරු වුණා.

No comments:

Post a Comment