6.09.2011

ඇදි වතින් Chrysler පිස දැමීම හෙවත් බෑණා වීමේ සිහිනය

පසුගිය සෙනසුරාදා පැලවත්තේ තැනක සාදයක් පැවැත්විණි. (නම් ගොත් අවශ්‍ය නොවේ-දන්නෝ දනියි). අතර මැද වේලාවක සුළුදිය පහකිරීමේ මුවාවෙන් සුරුට්ටුවක් පානය කරමින් සීතල සංසිදවා ගැනීමට පල්ලම් බැස්සේය. එහි යන විට, සුදු පැහැති Chrysler එකක් පාරේ නවත්වා තිබිණි.

“මේක කාගෙද බං“ delay processing පොරක් ඇසුවේය.

“-----ගෙ තාත්තගෙ“ යැයි අයෙක් කීවේය.

යටකී මිනිසා Chrysler එක ලෙව කන්නට පටන් ගත්තේය.

“පට්ටයි නේද බං“ කීවේය.

පසුව, Chrysler එක වටේ ඇවිදිමින් තවදුරටත් රස විදිමින් සිටින විට, එහි තැනක ලොකු මඩ පැල්ලමක් දැක්කේය. වහාම ක්‍රියාත්මක වූ යටකී මිනිසා, ඇද සිටි කමිසය ගලවා මඩ පැල්ලම පිස දැම්මේය. 

“ඔය මොකද්ද යකෝ ඔය කරන්නෙ“ යැයි කීප දෙනෙක් ම වික්ෂිප්තව ඇසීය.

“කවදහරි මටනෙ බං-පිළිවෙලට තියාගන්න එපායැ“යි කියමින් තවදුරටත් මඩ පිස දැම්මේය.

“කවදහරි උඹේ? - එහෙම වෙන්නෙ කොහොමද“යි පිරිස ඇසීය.

“ඒක මට තියන තවත් හීනයක් බං - මම කොහොම හරි හැබෑ කරගන්නව.“ යටකී මිනිසා ටික වේලාවක් කල්පනා කොට සැනසුම් සුසුම් හෙළමින් කීවේය.


අම්මාපල් ඇත්ත කතාවක් කියල රට්ටු කීව. ඒකයි ඔන්න ලීවෙ...


3 comments:

  1. chrysler eka geneemada ...
    kella geneemada ...
    methana HEENAYA?

    ReplyDelete
  2. Sarala Sameekaranayk daala wisadaganna

    ReplyDelete
  3. image ekkei kathawei sure ekatama pora kuda kiyala kiyanna puluwan hehehe but gd idea

    ReplyDelete