12.11.2012

ලාවට උදා වූ හිරුවන් මලක - ඇපල් සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී...

ඊයේ පෙරේදා ඉලිප්සියාකාර බෝලයෙන් කෙළි සෙල්ලම් කිරීමට පිටියට පිවිසි, පන්සලට සමාන පදයකින් නම් කර ඇති වීදියක දිවි ගෙවන කෙසග සිසුරකින් හා හැඩි දැඩි ගමන් ලතාවකින් යුතු අයෙකි. පුංචි බොරැල්ල පැත්තේ තක්සලාවකින් සිප් සතර හදාරා ඇත.

පසුගිය දිනෙක, වැලිවිට හන්දියේ ෆුඩ් සිටියට ගිය මේ හාදයා ඇපල් ගෙඩි දෙකක් අතට ගත්තලු. දෙකම රතු පාට. මේ හාදයත් එක්ක ගිය අනෙත් හාදයා කීවලු, ‘රතු එකයි කොළ එකයි දෙකක් ගම්මු‘  කියල.

ලාවට උදා වූ සූර්යයා බදු වූ මේ හාදායා කීවලු, ‘ඉදිච්ච ඒවගෙන්ම දෙකක් ගම්මු‘ කියල.

අනෙක් හාදය ටිකක් භ්‍රාන්ත වෙලා මෙහෙම අහපි, ‘ඉදිච්ච? ඒ මොනව ද‘ කියල.

‘ඔව් බං. මේ බලපං කොළ පාටට කියෙන්නෙ අමු ඇපල්නෙ. තියල ඉදවල කන්න මේව අරං යන්න ඕනෙ නෑනෙ. රතු පාටින් දෙකක් ගම්මු‘ කියල.

‘කොළ ඇපල් කොහෙද යකෝ අමු වෙන්නෙ‘ මහවැලිය අසබඩ තක්සලාවෙ හාදය අහපි.

‘තෝ ඉතිං මහවැලි කණිශ්ඨෙනෙ. උඹලගෙ ඉස්කෝලෙ ඔක්කොම උන් එකයිනෙ. ගොනෝ, මේ රතු පාට වෙලා තියෙන්නෙ - කොළ ඇපල් ඉදිල‘ කියල කියාපි.

අහෝ - ඇපල් දොඩම් මිදි පේර ජම්බු ආදී නේක නේක ඵල වර්ග එක්වනම නොපොනී ගියේය. මහා එළියක් විහිදුවාගනිමින්, ලාවට උදා වූ සූර්යයා වැනි හාදයා
වැලිවිට සිසාරා කීර්ති ඝෝෂා පැතිර යමින්
‘ජීවවිද්‍යාපති‘ ප්‍රාප්තියට පත්විය.

අහෝ! අහෝ!! අහෝ!!!


2 comments: