6.18.2011

දෙවියන්ගේ නාමයෙන් කියුබාවට ඇගිලි නොගසණු!

පහුගිය දවසක, වැලිවිට හන්දියට අත් පත්‍රිකාවක් ආව. මේ ලියුම එවල තිබුණේ ෆයිසාල් සහෝදරයින්. ලිපිය පහත ඵල කරන්නට වැලිවිට හන්දියේ උත්තර කර්තෘ මණ්ඩලය තීරණය කළා.

ගෞරවනීය ස්වාමීන් වහන්ස - පූජකතුමණි. අම්මේ - තාත්තේ. ආදරණීය සහෝදරයා සහෝදරිය.

කියුබාව නම් රට මුල්කාලයේදී, ගස් කොළන් කිසිවක් නොවැඩුණු ගල් පර දෙකකට මැදි වූ ආරක්ෂා සහිත මුඩු බිමකි. එම බැම්ම, සතුරන්ගෙන් කියුබාව බේරා ගැනීම පිණිස ස්වභාවධර්මයා විසින් ඇති කරන ලද බැම්මක් බව බැලූ බැල්මට පෙනේ.

වසර දහයක් හෝ පහළවක් යන කාලයේ කියුබාව කුඩා දිය පාරකින් පමණක් සමන්විත එකක් බව ඉතිහාසඥයෝ පවසයි. වසර දහයක් - පහළවක් අතර කාලයේදී කිසියම් හේතුවකින් දිය අගල අසල කිසියම් පිපිරීමක් සිදු වෙයි. මෙම අවස්ථාවේදී ගල් පර අසලින් ලෝ දිය ගැලීමක් සිදු වෙයි. මෙම දෙදරීම නිසා දිය අගල අසල සාමාන්‍ය විලක් බවට පත් වෙයි. මෙය කියුබාවේ පිබිදීම යැයි කියනු ලැබේ. එතෙක්, මුඩු බිමක්ව පැවති කියුබාව සියුම් ගස් කොළන් මැවී ක්‍රම ක්‍රමයෙන් සාරවත් බිමක් බවට පත් වෙයි. මෙසේ වැවෙන ගස් කොළන් ස්වභාවය කියුබාවට පමණක් ආවේණික බැව් කියවේ. මෙය එහි අලංකාරය හා අගය වැඩි කරන්නක් බදුය.

ලෝ දිය ගලන විට ඉවුර අසල ඇති ගස් කොළන් දුක් බර ස්වභාවයක් ගනියි. මෙහි ලෝ දිය ගලන බවට ලකුණු පහළ වූ විට එහි වැසියන් තාවකාලික බැම්මක් මගින් අවට ප්‍රදේශය ආරක්ෂා කර ගනියි. කියුබාව ඉතා කළබල කාරීය. මෙය කියුබාවේ පිබිදීමෙන් පසු සිදු වූවක් බව තතු දන්නෝ පවසයි.

ෆයිසාල් වැසියෝ සටන් කරනුයේ කියුබාව අත්පත් කර ගැනීමටය. සටන් ඉතා උග්‍ර තත්ත්වයට පත් වන විට, කියුබාවට ඉහළින් ඇති උස් කදු මුදුන් වලටද දැඩි තැලීම් සීරීම් සිදු වී දැඩි හානි සිදු වෙයි. නමුත්, මෙය කියුබාවේ වැසියන්ට දැඩි ප්‍රීතියක් ගෙන දෙන්නක් බව කියුබානුවන් පවසයි. ෆයිසාල් වැසියන්ගේ දැඩි අවධානයට ලක් වන්නේ කියුබාවේ සාරවත් ප්‍රදේශ අත්පත් කර ගැනීමයි. ෆයිසාල් වැසියන් මෙම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ අවස්ථාවන් වලදී, කියුබාවට යාබද පහළ දකුණට වන්නට ඇති අගල් හා නිම්න වලට පහර දෙයි.

ඍජුව පහර දීමට නොහැකි විට, ෆයිසාල් වැසියෝ කියුබාව සිතින් මවාගෙන ඉබා ගැතයේ අත් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සංසිදවා ගනියි. බල සම්පන්න අවි අමෝරාගෙන සටන් වදින ෆයිසාල් වැසියන්, එම සටන දිනාගෙන හෝ පරාජය වී, එම අවි පහත හෙළාගෙන ආපසු යයි. 

කියුබාව, ප්‍රමාණයෙන් කුඩා උවත් රාජ බලය ඇති තේජාන්විත රජවරු සිටුවරු පවා කියුබාව ඉදිරියේ දණ නමති. සටන් උග්‍ර අවස්ථාවන් වලදී කියුබාව දුරට පෙනෙන්නේ රතු මිශ්‍ර සුදු පැහැයෙනි. සෑම සටනක්ම අවසන් වන්නේ ෆයිසාල් වැසියන් විසින් කියුබාවට දැවැන්ත ජල කදක් මුදා හැරීමෙන් පසුවයි. එය කියුබානුවන් විසින් හදුන්වන්නේ සාමයේ ජල කද ලෙසයි. අවසානයේ ඇද හැලෙන මෝසම් වර්ෂාවකින් පසු කියුබාව නැහැවී පාරිශුද්ධත්යට පත් වෙයි. කියුබාව ඉතා කුඩා උවත්, ඉන් දැවැන්ත රජවරු සිටුවරු පවා බිහිව ඇති බව ඉතිහාසඥයන් පවසයි.

කියුබාව අපේය. - අපි කියුබාවේය.
දෙවියන්ගේ නාමයට කියුබාවට ඇගිලි නොගැසණු.

මීට ෆයිසාල් සහෝදරයින්...

අවසානයේ ලියමි. ෆයිසාල් සහෝදරයින්ට සංවේදී වීම ‘ෆයිසාල් හිතෛශීන්‘ හා ‘කියුබානු ප්‍රේමීන්‘ වන අප සියලු දෙනාගේ වගකීමයි.

3 comments:

  1. කලින් අහල තියෙනවා.. ඒත් සිරාවට තව අලුත් ඒවත් දාල ලියල තියෙනවා... අද තමයි මේ පැත්තෙ ආවෙ... හොදට ලියනවා දිගටම ලියන්න ජයවේවා... !!!

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරමු නේද .. කමෙට් දාන අයට ලේසියි එතකොට

    ReplyDelete
  3. 11 wasaredi kiyawapu eka mama aye hewwa, link eka dun "එස්. ඒ."ta sthuthi

    jaya wewa !

    ReplyDelete