12.04.2012

ජපනා දුන් දායාදය

පහුගිය දවසක වැලිවිට පාරෙ පැලස් එකක ඉන්න මල්ලි කෙනෙක් බයිසිගලයක් ගෙනාව. ඒ බයිසිකලයක් කීවට තල්ලු කරගෙන විතරයි යන්න පුළුවන්. මේකෙ යන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි.

කතාව ඒක නෙවෙයි. මේ මල්ලි කාලයක් තිස්සෙ බම්බලපිටිය, කොල්ලුපිටිය පැත්තෙ රාත්‍රී සමාජ ශාලාවන්වල හරි හරියට කරක්ගහපු කොල්ලෙක්. මල්ලිගෙ පපුවෙ ජපන් අකුරෙන් ගහපු පච්ඡයක් එහෙමත් තියනව.

මල්ලිට මේ බයිසිකලේ දුන්න ජපන් හාදයගෙ නම තමයි මේ මල්ලි පපුවෙ ගහගෙන ඉන්නෙ. මල්ලිට බයිසිකලේ දීල තියෙන්නෙ ඒ ජපන් හාදය කියල තමයි ආරංචිය. මල්ලි පස්සෙන් ටික දවසක් ඇවිත් තියනව. මුල් කාලෙ මල්ලි ටිකක් අකමැති වෙලා. හැබැයි පස්සෙ කාලෙ, නිකං තියන එකෙන් වැඩක් ගත්තට පවු නෑ කියල තමයි මල්ලි පස්සෙ කැමති වෙලා තියෙන්නෙ. 

අන්තිමේට - මල්ලි ඒක පුද්ගල තල්ලු කරන බයිසිකලේක හිමිකාරයෙක් වුණා.

දන්නවනම් නම කියන්න...

2 comments: