මේ අපේ යාලුවෙකුට නුවරදි වෙච්ච වැඩක්. කතාව කීවෙ - මහවැලි ගග අසබඩ කොලීජියක හාදයෙක් ටෙලිපෝන් කරල. සිද්ධියට මුහුණ දුන්න කෙනා දැන් ඉන්නෙ වැලිවිට පාරෙ බෝඩිං වෙලා. අයි.ටී. කරන පොරක්.
නුවර ගුඩ්ෂෙඩ් එකේ ඉදං පරණ පාරට නගින්න තියන පඩිපෙළ පටන් ගන්න තැන පත්තර කඩයක් තියනව. මේ කඩේ ඉන්නව අවුරුදු 16 ක විතර ළමිස්සියක්. (2009 වෙනකොට). ටිකක් හැඩයි. ඉස්කොලෙ යමින් හිටියෙ මහාමායා එකට.
අපේ යාළුව බදාද දවසක බයෝ රිවිෂන් ඉවර වෙලා විෂන් එකේ ඉදල ගුඩ් ෂෙඩ් එකට එනව. එන අතර වාරෙදි දැකල තියනව අර ලමිස්සි කඩේ ඉන්නව. ‘දෙතොල දෙපසින් රූරා වැටෙන ආදරයේ සාන්ද්ර පැණි‘ ටික ලේන්සුවෙන් පිහගත්ත හාදයා කිට්ටු කළා පත්තර කඩේට.
‘නංගි සන්ඩේ ඔබ්සවර් තියනව ද‘ ලොකු එකෙන් අහල තියනව. එතකොට පොඩි පහේ පොෂ් පාටකුත් තියනවනෙ.
‘ගිය ඉරිද පත්තරේ තියෙන්නෙ අයියෙ‘ කියල නංගි උත්තර දුන්නලු.
අපේ යාළුව ඉන් නොනැවතී ආයෙ පාරක් මෙහෙම අහල තියනව, ‘ඉරිද එක නෙවෙයි නංගි, අද ආපු එක තියනව ද - මට ඒක තමයි ඕනෙ‘
නංගි පොඩ්ඩක් වෙලා මේ හාදයා දිහා බලාගෙන හිටිය ලු. නංගිගෙ චේන් පැනල. නංගි ටක් ගාල චේන් එක දාගන තියනව වීල් එකට. ඒ විතරක් නෙවෙයි, අපේ හාදය - රතු වෙලා, මූණ ත්රිකෝණ වෙලා. “තරු හතරැස් ලක්ෂයක්“ පේන්න කතාවක් කියල තියනව.
‘සන්ඩේ කියන්නෙ ඉරිදනෙ - ඒක ඉරිද පත්තරයක්නෙ - බදාදට කෙහෙද අයියෙ සන්ඩේ ඔබ්සවර් - අයියට ඕන්නම් - පොඩි අයට ඉංග්රීසි කියන පත්තරේ දෙන්නම්‘ නංගිගේ පරමාණුක අවි ප්රහාරයෙන් පස්සෙ - අපේ යාළුව එතනින් ඌර්ධවපාතනය වුණා ලු.
කතාව බොරුනම් - බෝගල පතලෙ මිනිරන්
අන්තරස්දාන වෙනව සත්තයි...
hahahah... patta patta.. kawda ban e koluwa ???
ReplyDeleteEllazz, wade pooooooddai nondi. Owa ohoma thamai naraka kale awahama... he heee
ReplyDeletesiripura owner ge doni gana neda oya kiyanne?
ReplyDeleteAnna hari a kelee thamai
ReplyDeletenayanathara nangigen mamath dawasak 20 mobitel card ekak illuwa.....20 mobitel na hutch dennada ahapi
ReplyDelete